BREAKING NEWS
latest

728x90

468x60

වසර 30කට පසු සිදුවන සෙනසුරු මාරුව ඔබට බලපාන හැටි මෙන්න

සෙනසුරු ග්‍රහයා ජ්‍යෝතිෂවේදයේ නෛසර්ගික පාප ග්‍රහයකු ලෙස හඳුන්වයි. මොහුට එක්‌ රාශියක්‌ පසුකර යාමට වර්ෂ 2 1/2 ක්‌ පමණ ගතවෙයි. ශනිගේ ගෝචර ඵල විපාක වැඩි ලෙසම ඵල දෙන්නේ රාශියේ අග කොටසේ ගමන් කරන විටය. සියලු අනිෂ්ට විපාක සිදුකරන්නා සෙනසුරුය. මොහුගේ ශනි දුෂ්ටයි. කිළිටි වස්‌ත්‍ර ඇති, කුම්මැහි, පෙරේත මහලු අයකුට සෙනසුරා සමානය. කේන්ද්‍ර හිමියාගේ 12, 01, 02 ස්‌ථානවලට ශනි පැමිණීම ඒරාෂ්ඨකයයි. මෙය රවි සිටි රාශියෙන්ද සඳු සිටි රාශියෙන්ද සිදුවෙයි. මෙම ඒරාෂ්ඨක ලග්න, චන්ද්‍ර, රවි ඒරාෂ්ඨක ලෙස සැලකෙයි. එසේම කේන්ද්‍ර සටහනේ 8 වැන්නට ශනි පැමිණීමද නරක තත්ත්වයක්‌ උදාවීමට හේතුවකි. වෘෂභ, තුලා ලග්න හිමියන්ට ශනි රාජයෝග කාරකවෙයි. මෙම රාශිවලදී ශනිගේ නරකගති බොහෝ දුරට අඩුවෙයි. ශනි බලවත් වීමෙන් සියලු අගුණ තත්ත්වයන් යටපත්කර කරුණා සහගත අයකු කරයි. ක්‍රියාශූර, හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කරන අයකු බවට පත්කරයි. මකර, කුම්භ, තුලා, ධනු යන රාශිවල සෙනසුරු සිටීමෙන් කේන්ද්‍ර හිමිට යහපත් ප්‍රතිඵල ගෙනදෙයි.

2017 ඔක්‌තෝම්බර් 26 දා බ්‍රහස්‌පතින්දා සවස 3.31 ට සෙනසුරු සතුරු රාශියක වූ වෘශ්චික රාශියේ සිට සම රාශියක්‌ වූ ධනු වට පැමිණෙයි. ධනු රාශියෙන් 2020.01.25 දින මකර රාශියට පැමිණෙයි. ධනු රාශියට පිවිසෙන ශනි 2018.04.18 දින වක්‍රව යළි සැප්තැම්බර් 6 වැනිදා නිවෘත වෙයි. නැවත 2019.04.30 දින වක්‍රවී සැප්තැම්බර් 18 දා නිවෘත වෙයි. ශ්‍රී ලංකා කේන්ද්‍ර සටහන මෙසේය.

ශ්‍රී ලංකා කේන්ද්‍ර සටහනේ සෙනසුරු 11 වැන්නේ ධනු රාශි ගතවීම නිසා රජය රටේ සාමය, යුක්‌තිය, සදාචාරය කෙරෙහි විශේෂ උනන්දුවක්‌ දක්‌වයි. මේ සඳහා විරුද්ධවාදීකම්ද ගලා එයි. සටන්කාමී නොවන අතර යුක්‌තියට පිටුපා කටයුතු නොකරයි. විරුද්ධ මත දරන අය කෙසේ හෝ අවනත කරගනී. රටට ජාතියට ආගමට හිතැතිව කටයුතු කරයි. සිසු අරගල සමථයකට පත්වේ. කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ ප්‍රබෝධයක්‌ ඇතිවේ. මහජන සේවා කටයුතුවලදී කරදරවලටද භාජනය වෙයි. විදේශ ආධාර හා ජාත්‍යන්තරයේ හිතමිත්‍රකම් වැඩිවෙයි. කිසිවකුගේ කීමට හෝ විරුද්ධවාදීන්ට හෝ යටත් නොවේ.

ශනි මාරුව ඔබේ ලග්නයට බලපාන්නේ මෙසේය.

මේෂ – බුද්ධිමත්ව කටයුතු කරගනී. අයුතු ක්‍රියා මාර්ගවල නොයෙදෙයි. ඉවසිලිවන්තයි. ආගම දහමට ලැදියාවෙන් කටයුතු කරයි. වගකියයුතු නිලතල දරයි. අන් අයගේ ප්‍රසාදයට ගෞරවයට ලක්‌වෙයි. වැඩිහිටියන්ගෙන් ප්‍රධානීන්ගෙන් උදව් ලැබේ. රහසිගත ක්‍රමවලින් හම්බ කරගනී. ඇතැම් අවස්‌ථාවල තම තත්ත්වයට නොගැළපෙන කටයුතුවලද යෙදෙයි. පියාට අපලයි. දියවැඩියාව, වාත අමාරු වැළඳිය හැකිය.

වෘෂභ – ආගම දහමට ලැදිවෙයි. පියාට ශුභ නැත. පියාගෙන් වෙන්වීමට සිදුවෙයි. අදහස්‌ සඟවාගෙන කටයුතු කරයි. සමාජශීලීවෙයි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. මහජන ප්‍රසාදයට පත්වෙයි. බලාපොරොත්තු රහිත ලාභ අලාභ දෙකම අත්වෙයි. බුද්ධිමත්ව ක්‍රියා කරයි. අවිවාහකයන්ට විවාහය කටයුතු සිදුවෙයි. අවහිර, අඩුපාඩු මඟ හරවා උසස්‌ දියුණුවකට පත්වෙයි.

මිථුන – ප්‍රසිද්ධියට හා ගෞරවයට පත්වෙයි. ආගම දහමට විශේෂ ලැදියාවක්‌ දක්‌වයි. උෙද්‍යාගය හා එඩිතරකම නිසා මොනම දේකටවත් පසුනොබසී. අවිවාහකයන්ට යහපත් විවාහ සිදුවෙයි. සහෝදරාදීන් සමඟ සමගියෙන් කටයුතු කර ගනී. බලාපොරොත්තු නොවූ පරිදි හදිසි විපත් කරදරද යෙදෙයි. රහසේ සතුරන් සිටිය හැකිය. ආමාශගත අසනීප ඇතිවෙයි.

කටක – සතුරන් වැඩිවී රහස්‌ සතුරන්ගෙන් කරදරයි. විවාහයට විරුද්ධකරුවන් සිටී. විවාහ ජීවිතයේ සතුට අඩුයි. අවිවාහකයන්ට විරුද්ධවාදිකම් මැද විවාහය කර ගැනීමට සිදුවේ. බොහෝ අවස්‌ථාවලදී තැන්පත් බවින් යුතුව ක්‍රියා කරයි. ආමාශගත ආබාධ තුනටියේ ආබාධ ඇතිවේ. ගැබිනි කතුන්ට ප්‍රසූත දොaෂ ඇති කරයි. දරුවන්ට අපලයි. කපටි සූත්තර දනී. අන්‍යයන් තමාගේ අදහස්‌වලට අවනත කර ගැනීමට උත්සාහ දරයි.

සිංහ – ඉගෙනීම් කටයුතුවල නියෑළී සිටින අයට බාදක යෙදෙයි. ආගම දහමට කැමතියි. අරපරිස්‌සම වැඩී. ආලය ප්‍රේමය මත විවාහය සිදුකරගනී. පළමු දරුවාට අශුභයි. උරුම හිමිකම් පැරැණි දේපළ නිවාස ලැබීමට වාසනාව ඇත. බැසගත් තීන්දුව වෙනස්‌ නොකරයි. උපක්‍රමශීලීවේ. ඉඩකඩම් දේපළවලින් ආදායම් ලබයි. උෙද්‍යාගය උත්සාහය හොඳින් පවතී.

කන්‍යා – ජීවිතයේ අවුල් සහිත කටයුතුවලට යොමුවේ. ලෞකික සැප සම්පත් ලැබීමට ඉඩක්‌ නොලැබේ. ආගමික කටයුතුවලට වඩාත් නැඹුරු වෙයි. ආධ්‍යාත්මික අංශයට බර වැඩී. කොයි කා සමගත් සහයෝගයෙන් කටයුතු කර ගනී. ඉක්‌මන් තීරණ නොගනී. කොයිකාටත් ඇහුම්කන්දෙයි. බාල සහෝදරාදීන්ට අගතියි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට ශුභයි.

තුලා – ආගම දහමට විශේෂ කැමැත්තක්‌ දක්‌වයි. තමාගේ දක්‍ෂතාවක්‌ සමාජයට පෙන්වයි. සමාජයෙන් ගෞරවයට කීර්තියට පත්වෙයි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ඉතා ශුභයි. උපක්‍රමශීලීවෙයි. වැඩට දක්‍ෂයි. අන් අය තමාගේ වසඟයට හරවා ගනී. දේපළ ඉඩම් සඳහා මුදල් ආයෝජනය කරයි. විවාහ ජීවිතය සතුටින් ගෙවයි. වාසනාවන්ත දරුවන් ලැබෙයි.

වෘශ්චික – සෙනසුරු ඒරාෂ්ඨකය ලබයි. ආගමික කටයුතුවල යෙදෙයි. උසස්‌ දේවල් ගැන කතා කරයි. අන්‍යයන්ට හිරිහැර නොවන ලෙස කටයුතු කරගනී. ඇවිදිලි ගමන් බිමන් වැඩි දුර බැහැර පළාතක පදිංචිය සිදුවිය හැකිය. විදේශ ගමන් පවා යෙදීමට පුළුවනි. පියාගෙන් වෙන්වී කටයුතු කරයි. තම අදහස්‌ පරිදිම කටයුතු කරයි. ඉඩම් දේපළ පිළිබඳව නඩු හබවලට පැටලීමට පුළුවනි. හදිසි අනතුරුවලට ලක්‌වෙයි.

ධනු – ශනි ලග්න ගතව සිටී. දුක සැප දෙකම එක සේ විඳ දරාගනී. ආගමික කටයුතුවල යෙදෙයි. කරන කියන දේවල් එළිපිටම කරයි කියයි. තැන්පත් බවින් හා ඥනවන්ත බවින් යුතුව වැඩපළ කරගනී. කාර්මික කටයුතුවල නියෑළී සිටින අයට ශුභයි. දරුවන්ට අපලයි. ගුප්ත රහස්‌ කටයුතුවලට දක්‍ෂයි. වෛද්‍ය සේවයේ නිරත අයට ශුභයි.

මකර – ශනි 12 සිටීමද ඒරාෂ්ඨක කාලයයි. ආගමික කටයුතුවල නියෑළෙයි. අසරණ අයට පිහිටවෙයි. දුරබැහැර අයගේ ආශ්‍රය ඇතිකර ගනී. රේස්‌ සූදු ආදියට සිත්දෙයි. වැඩ කිරීමට කැමති නැත. එහෙත් සමාජ සේවා කටයුතු ප්‍රියකරයි. ආදායම් තත්ත්වය යහපත්වේ. කොතරම් කරදර බාධක අභියෝග ආවත් ඒවා මැ`ඩගනී. තමාගේ වැඩකටයුතු ගැන අන් අයගේ ප්‍රසාදය අඩුවෙයි.

කුම්භ – ආදායම් තත්ත්වය යහපත් වෙයි. පිරිස්‌ බලය ලබයි. නොබියව සමාජ කටයුතුවලට ඉදිරිපත්වේ. කරන කියන දේවල් එළිපිටම කියයි. ප්‍රසිද්ධියේම කරයි. සමාජයෙන් ගරු සැලකිලි හිමිවෙයි. ඉගෙන ගන්නා අයට යහපත්ය. ඥන ශක්‌තිය ධාරණ ශක්‌තිය හොඳින් පවතී. පියාගෙන් දේපළ ලබයි. අරපිරිමැස්‌ම පවතී. විවේකයක්‌ නැති තරමට වැඩවල යෙදෙයි.

මීන – ගුණවත් හා යහපත් අයකු ලෙස ප්‍රසිද්ධියට ගෞරවයට පත්වෙයි. ආගමික කටයුතු අගය කරයි. අන් අයට ආදර්ශමත්ව කටයුතු කරයි. දේශපාලන කටයුතුවල නියෑලෙයි. පාලන කටයුතුවලට දක්‍ෂයි. උපක්‍රම දනී. දුර බැහැර ගමන් බිමන් යෙදෙයි. කතාවෙන් ජයගනී. ප්‍රධානීන්ට හෝ රජයට හෝ විරුද්ධව කටයුතු කරයි. එහෙත් බලවත් උසස්‌ මිත්‍රයන් සිටී.

මීරිගම විද්‍යාල මාවතේ සාමවිනිසුරු කලාභූෂණ
ජ්‍යෝතිෂවේදී ආර්. ඇම්. ටී. බී. රත්නායක
0332273004
« PREV
NEXT »

Facebook Comments APPID