BREAKING NEWS
latest

728x90

468x60

මාස 2 ක්‌ ගතවුවත් කැලණිය ගුවන් පාලමේ අලුත්වැඩියාව ඉබිගමනේ

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්‌මරණ ගුවන් පාලමේ පිටවීමේ මංතීරුව අලුත්වැඩියා කිරීමේ වැඩ මාස දෙකකට අධික කාලයක්‌ ගතවී ඇතත් ඉබිගමනේ සිදුකිරීම නිසා රියෑදුරන්ට දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුව ඇත. මංතීරු දෙකකින් යුත් මෙම ගුවන් පාලම අලුත්වැඩියාවට රජය රුපියල් කෝටි හතකට අධික මුදලක්‌ වෙන් කර ඇත. 

ඉකුත් අගෝස්‌තු මස 17 වැනිදා සිට ඉදිරියට මාස හයක්‌ එම මං තීරුව වැසීමට බලධාරීන්ගේ අවසර ලබාගෙන ඇත. කොළඹ දෙසට ඇතුළුවීමේ මංතීරුව දෙපසට ගමන් කිරීම සඳහා දැන් වෙන්කර ඇති අතර ඒ පිළිබඳව බොහෝ රියෑදුරන් දැනුවත් නොවීම නිසා දිනපතා අනතුරු සිදුවීමේ තත්ත්වයක්‌ උදාවී ඇත. විශේෂයෙන් රාත්‍රි කාලයේ එම මංතීරුවේ අනතුරු වැළැක්‌වීම සඳහා රියෑදුරන් දැනුවත් කිරීමට ගම්පහ මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු කාර්යාලය කිසිදු ක්‍රියාමාර්ගක්‌ ගෙන නැතැයි රියෑදුරෝ මැසිවිලි නඟති.

මාර්ගයේ වාහන අනතුරු වැළැක්‌වීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක්‌ යටතේ සංඥ පද්ධතියක්‌ සකස්‌ කරදෙන ලෙස රියෑදුරෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිsටිති.

අනතුරු රැසකට අතවනන මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමටත් රියෑදුරන් දැනුවත් කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක්‌ සකස්‌ කිරීමටත් රජයේ අවධානය දැන්වත් යොමුවිය යුතුව ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID