පාකිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියෙක් තමන්ට අයුතු යෝජනාවක් කළ බවට එම තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකරන ආයතනයක නිලධාරිනියක් චෝදනා කරනවා.
ඇය තම ට්විටර් ගිණුම ඔස්සේ මේ බව අනාවරණ කර තිබෙන්නේ අදාළ නිලධාරියා විසින් තමන් වෙත එවූ බව පැවසෙන දුරකථන සංවාද පණිවිඩද ඉදිරිපත් කරමිනුයි.
කණ්ඩායමේ ක්‍රීඩකයන් ගණනද ඉක්මවන ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහ ඔවුන්ගේ හිතමිතුරන් රැසක් මේ දිනවල ක්‍රිකට් ආයතන මුදලින් එක්සත් අරාබි එමීර් රාජ්ය යේ සංචාරයක නිරතව සිටින බවට චෝදනා එල්ල වනවා.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවත් ජාත්‍යන්තරයේ හෑල්ලුවට ලක්ව ඇති මෙවන් වකවානුවක, මේ එල්ල වන චෝදනා සත්‍ය නම්, තමන්ගේ සුඛ විහරණය ගැන පමණක් සිතමින් රට සාවරි වලට එක්වන මෙවන් නිලධාරීන් හරහා විනාශවී යන්නේ ශ්‍රි ලංකාවට ජාත්‍යන්තරයේ ඇති අභිමානය නොවන්නේද?..