BREAKING NEWS
latest

728x90

468x60

කරවලයකු ගෙතුළට දැමූ පුද්ගලයා දැලේ

කරවලයකු ගෙතුළට දමා නිවෙසියන් ජීවිතක්ෂයට පත් කිරීමට තැත් කිරීමේ චෝදනාවට පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

කුඹුක්ගැටේ කිරිබමුණ ප්‍රදේශයේ වෙළෙදසලක් තුළ පිහිටි නිවෙසක් තුළට පෙරේදා ( 1) රාත්‍රී 11.00 ට පමණ විෂ ඝෝර සර්පයකු වන කරවලයෙකු දමා එහි පදිංචිකරුවන්ගේ ජිවිතවලට හානි සිදු කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 50 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුඹුක්ගැටේ පොලිසිය පවසයි.
සිද්ධිය වු දින සැකකරු එම නිවසේ හුලං කවුලුවකින් මෙම සර්පයා නිවෙසතුළට දමන අන්දම පදිංචිකරුවන් දැක ඇත.පසුව ඔවුන් එළියට පැමිණ දිවයමින් සිටි සැකකරු අල්ලා සර්පයාත් සමඟ පොලිසියට බාරදී ඇති බව වාර්තාවේ.

සැකකරුට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 327 වගන්තිය යටතේ ජිවිතයකට අන්ත්‍රාවක් සිදු කිරීමට තැත්කිරීම යන චෝදනාව යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

කුඹුක්ගැටේ පොලිස් ස්ථානාධිපති ජයන්ත ගමගේ මහතාගේ උපදෙස් පිට පොලිස් සැරයන් 20654 ජයතිස්ස මහතා පරීක්ෂණ පවත්වයි.
« PREV
NEXT »

Facebook Comments APPID