BREAKING NEWS
latest

728x90

468x60

පෙම්වතිය දමා පළාගිය තරුණයා අත්අඩංගුවට

පොලිස් අනනොතකා පෙම්වතිය පොලිස් නිලධාරීන් අසල දමා පලාගිය යතුරු පැදිකරුවෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයට භාරවූ අවස්ථාවේ සිදුකල වරදට තරයේ අවවාද කරමින් අද(03) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පිරිසක් (30) වනදා උදෑසන අනුරාධපුර දුම්රිය නගරයේ රාජකාරියේ නිරතව සිටිද්දී ආරක්ෂිත හිස් වැසුම් පැලද නොගත් තරුණයෙකු හා තරුණියක ලියාපදිංචි නොකල යතුරු පැදියක තරුණියක් සමග ඉදිරියට එන අයුරු දැක යතුරු පැදිය නවතන ලෙස සංඥාකර තිබේ.
සැකකාර තරුණයා දුම්රිය නගරයේ පදික වේදිකාවක් ආසන්නයේ යතුරු පැදිය නවතා පිටුපස අසුනේ සිටි පෙම්වතියට ඉන් බැස ගන්නා ලෙස උපදෙස් දෙද්දී පොලිස් නිලධාරින් ඔහුගේ යතුරු පැදියේ යතුර ගලවාගෙන තිබේ.පසුව යතුරු පැදිය පොලිස් නිලධාරින් පිරිස සිටින ස්ථානයට පදවාගෙන එන ලෙස දැනුම්දී එහි යතුර ඔහුට ලබාදී තිබේ.

පොලිස් නිලධාරියා යතුරු දුන් සැනින් ඔහු යතුරු පැදිය පනගන්වා පොලිස් නිලධාරීන් අසල පෙම්වතියත් දමා පලාගොස් තිබුණි.

තරුණියගෙන් පෙම්වතා පිළිබදව ප්‍රශ්නකර ඔහුගේ තොරතුර අනාවරණය කරගෙන තරුණයා අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර ගල්පාලම ප්‍රදේශයට ගොස් ඇතත් සැකකරු යතුරු පැදිය කැලෑවක සගවා පලාගොස් තිබියදි පොලිසිය සොයා ගෙන තිබුණි.

සැකකාර 21 හැවරදි තරණයා ඊයේ (03) උදෑසන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය වෙත බාරවී සිදුකල වරදට සමාවන්නැයි පොලිස් නිලධාරින්ට පැවසා ඇත එහිදි තරුණයාට තරයේ අවවාද කර ඇත‍.

අත්අඩංගුවටගත් තරුණයාට අපරික්ෂාකාරි හා අන්තරාදායි ලෙස රිය පැදවීම,පොලිස් අණට කීකරු නොවීම හිස් වැසුම් නොමැතිව රිය ධාවනය,ලියාපදිංචි නොකල යතුරු පැදියක් ධාවනයේ යෙදවීම හා බලපත්‍ර නොමැතිව රිය ධාවනය යන චෝදනාවන්ට එරෙහිව අද (03) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණ යේ නඩු පැවරීමට නියමිතව ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID