BREAKING NEWS
latest

728x90

468x60

අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය­වල බදු පහ­ළට

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළයෑම වැළැක්වීම හා කිසිඳු හිඟයකින් තොරව ලබාදීම සහතික කිරීම සඳහා රජය ඒවායින් අය කරන ආනයන බදු සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට තීරණය කොට ඇත.

රජය ලැබෙන ආදායම් ගැන පමණක් නොසිතා පාරිභෝගික ජනතාවගේ ජීවන වියදම පහත හෙළීමේ අරමුණින් මේ තීරණයන් ගත් බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.


වසර 2015 රුපියල් බිලියන 132.2ක් වූ ආනයන බදු රැස්කිරීම් සීයයට 18.4ක වර්ධනයක් පෙන්නුම් කරමින් 2016දී රුපියල් බිලියන 156.5ක් දක්වා ඉහළ ගිය බව පවසන මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා, එය මේ වසරේදී අඩුවනු ඇතැයිද කියා සිටියි.

වසර 2015දී රුපියල් බිලියන 52.3ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ආදායම, වසර 2016 දී සීයයට 6.8ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 55.8ක් වී තිබේ. එනමුත් විශේෂ වෙළෙඳ භාණ්ඩ මත අය කරන බදු අඩු කිරීමට රජය තීරණය කිරීමත් සමඟ සහල්, තිරිඟුපිටි හා මාළුවලින් ලබන ආදායම් අඩුවනු ඇත. පිටරටින් ගෙන්වන හාල් මැස්සන්, අල, රතුළූණු, බීළූණු, සුදු ළූණු මුං ඇට, පරිප්පු, මිරිස් , සීනි, කඩල, උඳු, කව්පි, කරවලඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළයාමෙන් පාරිභෝගික ජනතාව පීඩාවට පත්වුවහොත්, ඉන් ජනතාව මුදා ගැනීමට රජය වරින්වර ආනයන මත අයකරන බදු අඩු කිරීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා කීය.
« PREV
NEXT »

Facebook Comments APPID