BREAKING NEWS
latest

728x90

468x60

අනුරාධපුර ව්‍යාපාරිකයන් බියගන්වන කප්පම් කල්ලියක් ආරක්ෂිත කැමරාවලින් එළියට

දේශීය ආදායම් බදු නිලධාරින් ලෙස පෙනී සිටිමින් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරන බවට බියගන්වමින් කප්පම් ලබා ගැනීම සැරිසරන තරුණ කණ්ඩායම් සම්බන්ධයෙන් අනුරාධපුර පිහිටි දේශිය ආදායම් බදු නිලධාරින්ට තොරතුරු ලැබී තිබේ.

අනුරාධපුර නගරයේ සැරිසරන මේ කණ්ඩායම මීට දින කිහිපයකට ඉහතදී අනුරාධපුර නව නගරයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලකට හා වායු සමීකරණ අලෙවි කරන ආයතනයකට ආදායම් බදු නිලධාරින් ලෙස පැමිණ ඔහුට බදු නොගෙවීම සම්බන්ධයෙන් නඩු පවරන බවට දන්වා ඇති අතර ඔවුන්ගේ රංගනය එහි පිහිටි ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබේ. ව්‍යාපාරික ආයතනයට පැමිණෙන ව්‍යාජ බදු නිලධාරියා එහි හිමිකරුට විශාල ආදායම් බදු මුදලක් රජයට ගෙවිමට ඇති බවත් එම මුදල් නොගෙවුව හොත් අධිකරණය හමුවට පමුණුවා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවනබව පවසමින් බිය ගැන්වීම සිදුකර එය ගොඩින් බේරා ගැනීමට හැකිබව පැවසූවත් ඔවුන්ගේ රංගනයන්ට ව්‍යාපාරිකයා අසු නොවීම නිසා නැවත ආයතයෙන් නික්ම ගොස් තිබේ.

තනිවම ආයතනයට පැමිණි ආදායම් බදු නිලධාරියා සම්බන්ධයෙන් ඇතිවූ සැකය නිසා සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා අනුරාධපුර පිහිටි දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවටත් දන්වා තිබෙන අතර ආදායම් බදු සැකසීම සඳහා කිසිදු නිලධාරියෙකු එහි එවා නැති බව දෙපාර්තුමේන්තුව ව්‍යාපාරිකයාට සහතිකකර තිබුණි.
« PREV
NEXT »

Facebook Comments APPID