BREAKING NEWS
latest

728x90

468x60

පල්ලේකැලේ බෝතල් ප්‍රහාර අතරේ කෝලි ළඟට ගිය මාලිංග රටේ නම බේරගන්න ඔහුට කියූ කතාව

ඊයේ (27) පැවති තරඟයේදී ඇතිවූ උණසුම් තත්වයෙන් පසුව විරාත් කෝලි සමඟින් ලසිත් මාලිංග හදිසියේම කතාබහක නිරතවන අයුරු කාගේත් අවධානයට යොමු වුණා. ඔවුන් දෙදෙනා හදිසියේම සිදුකළ මේ කතාබහ දැනගන්නට අප ලසිත් මාලිංගගේ සමීපතමයෙකුගෙන් ඒ ගැන තොරතුරු විමසා සිටියා. ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ පිටියේ සිදුවූ සිද්ධිය පිළිබඳව මාලිංග විරාත් කෝලිට කරුණු පැහැදිලි කර සිටි බවයි.ඒ පිළිබඳව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් අප හමුවේ ප්රකාශ කලේ මෙවන් දෙයක්…

මාලිංග කෝලිට කියලා තියෙන්නේ මේ ප්රශ්නය ඇතිවෙලා තියෙන්නේ ටීම් එකේ පරාජයන් එක්ක අපේ ප්රේක්ෂකයොන්ට ඒක දරාගන්න බැරුව ඉන්න නිසා කියලා. ඒ වගේම මාලිංග කීවේ කෝලි තමයි මේ සිද්ධියෙන් පස්සේ ජාත්යන්තර මාධ්යවලින් ප්රශ්න කිරීම් වලට ලක්වෙන කෙනා කියලා,ඒ මාධ්යවේදියෝ අහන්න ඉඩ තියෙනවා පිට්ටනියේදි ඇතිවුණු කළබලකාරී තත්වය ගැන ඔහු මොකක්ද හිතන්නේ කියලා. ඒ වෙලාවට ඔහු කිසිම දෙයක් නොදැන උත්තර දුන්නොත්,වැරදි දෙයක් කීවොත් ඒක අපේ රටේ කීර්තිනාමට හරි නැහැ. ඒ නිසා තමයි මාලිංග කෝලි ළඟට ගිහින් කියලා තියෙන්නේ ඒ දේවල් සිද්ධ වුණේ අපේ ටීම් එක මැච් පරදින නිසා, වැඩිය ඒ දේවල් ගැන හිතන්න එපා. අපේ ප්රශ්න ටිකක් තියෙනවා, ඒවා හදාගන්න කියලා තමයි මිනිස්සු කියන්නේ කියලා. බැරිවෙලා හරි ජාත්යන්තර මාධ්ය ඔහුගෙන් මේ ගැන ඇහුවොත් කෝලි දැන් දැනුවත් සිද්ධවුණු දේවල් ගැන. ප්රේක්ෂකයෝ අපිට පාලනය කරන්න බෑ. හැබැයි අපේ රට ගැන ලෝකෙට යන වැරදි ප්රවෘත්තිය හරිගස්සන්න තමයි එයා එහෙම කලේ කියලා මාලිංග කීවා”
« PREV
NEXT »

Facebook Comments APPID