BREAKING NEWS
latest

728x90

468x60

වසර 47කට පසුව හමු වුණු මංගල මුද්ද

ඇමරිකා එක්සත් ජනපදයේ, මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ, කේප් කෝඩ් නම් වෙරළ තීරය පිරිසිදු කරමින් සිටි ජිම් විර්ත් මහතාට මුහුදු වැලී බැඳී ගිය අඳුරු පැහැති මුද්දක් හමුවිය.

නිවසට ගොස් මුද්ද පිරිසිදු කර බැලූ ඔහුට එය අගනා රන් මුද්දක් බව වැටහුණි.

එහි අයිතිකරුවා කවුරුන් විය හැකිදැයි සිතූ ජිමි විර්ත්ට මුද්දේ කවාකාර මුහුණතෙහි 1969 college ring from Manhattan College (1969 මෑන්හැටන් විද්‍යාලයේ මුද්ද) ලෙස මුද‍්‍රණය කර තිබෙන අයුරු දැකගත හැකිවිය.

තවදුරටත් මුද්ද ඒ මේ අත හරවා බැලූ ඔහුට මුද්ද ඇතුළත කොටසේ Patrick F. O’Hagan (පැට්රික් එෆ්. ඔහගන්) ලෙස නමක් කොටා තිබෙන අයුරු පෙනුණි.

මුද්දේ අයිතිකරුවා සෙවීමට ආශාවක් උපන් ජිම් විර්ත් අන්තර්ජාලය ඔස්සේ එම නම පරීක්ෂා කර බැලීය.

සෑහෙන වේලාවක් අන්තර්ජාලයේ සැරිසැරූ ඔහුට අගනා හෝඩුවාවක් ලැබුණි.

පැට්රික් එෆ්. ඔහගන් නම් පුද්ගලයකුගේ බිරිඳ ලෙස සඳහන් කි‍්‍රස්ටීන් නැමැති කාන්තාවක් විසින් ලියන ලද “ද කෙල්ස් බුක්” (The Book of Kehls) නම් පවුලේ මතක සටහන් නැමැති පොතක් හමු විය.

එම පොතේ නම වැනි පරිච්ඡේදයේ කි‍්‍රස්ටීන් විසින් මෑන්හැටන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විදුලි ඉංජිනේරු ශිෂයෙකු වුණු පැට්රික් එෆ් ඔහගන් සමඟ තිබුණු පෙම් සබඳතාවය ගැන විස්තර කර තිබුණි.

තමන් මුද්දේ හිමිකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු සොයාගත් බව තහවුරු කරගත් ජිම් විර්ත් ඔවුන්ට මුද්ද ලබා දීමට කටයුතු කළේය.

මුද්ද නැවත දැකීමෙන් සතුටට පත්වුණු කි‍්‍රස්ටීන් හා පැට්රික් යුවළ එය ඔවුන්ගේ මධුසමය සමරමින් සිටි දිනයේදී කේප් කොඩ් වෙරළේ වැටී මුහුදු රළ සමඟ ගසා ගෙන ගිය බව සඳහන් කර ඇත.

වසර 47කට පෙර අතුරුදහන් වුණු තම ආදර සිහිවටනය මේ වසරේ ජූලි මාසයේද නැවත හිමිවීමෙන් පැට්රික් -කි‍්‍රස්ටීන් යුවල සතුටට පත්විය.

සමන්ති ඇලපාත




« PREV
NEXT »

Facebook Comments APPID