BREAKING NEWS
latest

728x90

468x60

නාවික හමුදා සහයෙන් උතුරු මුහුදේ රත්තරන් ජාවාරමක්?

මීට වසර තුනකට පමණ පෙර, එනම් 2014 වසරේ ඔක්තෝබර් 01 වැනි දින මෙරට සිට ඉන්දියාවට නීතිවිරෝධීව ගෙනයමින් තිබූ රත්තරන් කිලෝග්රෑම් 45 ක ප්‍රමාණයක් සහ පුද්ගලයන් දෙදෙනකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් අතර, එම රත්තරන් තොගය උතුරු ප්‍රදේශය භාර නාවික ආඥාපතිවරයාගේ උපදෙස් මත රේගුවට භාර දී ඇත. 

රණධීර නමැති නෞකාව ඔස්සේ කළ වැටළීමක දී මෙම රත්තරන් තොගය අත්අඩංගුවට ගෙන රේගුවට භාර දී තිබුණද, ඊට සම්බන්ධ වූ නාවික හමුදාවේ සහ රේගුවේ නිලධාරීන්ට ලැබීමට නියමිතව තිබූ ප්‍රසාද දීමනා ලබාදීම මෙතෙක් සිදු කර නැත. අදාළ වැටළීම සම්බන්ධයෙන් නාවික හමුදාව නිකුත් කළ වාර්තාවේ ඇති අඩුපාඩු ඊට හේතුව ලෙස සඳහන් වේ.

එසේම මේ රත්තරන් ජාවාරමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇතැම් සාමාජිකයන් සම්බන්ධ බවට ඇතැම් සිදුවීම්වලින් පැහැදිලි වන බව මේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කොට ඇති නාවික හමුදා මූලාශ්‍ර පෙන්වා දී තිබේ. නමුත් මීට අදාළ තොරතුරු සියල්ල කිසියම් බලපෑමක් මත සඟවාගෙන සිටින බව ද අනාවරණය වේ.
-සත්හඬ
« PREV
NEXT »

Facebook Comments APPID