BREAKING NEWS
latest

728x90

468x60

හෝටලේට එද්දි රෑ 11යි - වෙඩින් එක ඉවර වෙලා ඇඳුම් ටික ලෑස්ති කරගෙන තරගයට ආවා

ඊයේ (24) පැවති තරඟය කඩුලු 3 කින් ඉන්දියාව ජය ගත්තත් තවමත් තරගය පිළිබඳ කතාබහ කරන ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අතීශයින් දුර්වල වී කණ්ඩායම පිළිබඳව ගැන ප්‍රේක්ෂක ආකල්පය පවා සෘණාත්මක මොහොතක සුපිරි පන්දු යැවීමක නිරත වූ පිටදඟ පන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටින අකිල ධනංජය පිළිබඳවයි.

තම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව මොහොතකට උදුරා ගනිමින් ඉන්දීය පිතිකරුවන් නිරුත්තර කර සුපිරි පන්දු යැවීමක අකිල ධනංජය නිරත වුණා.


ඔහු එක් පන්දුවාරයකදී විශිෂ්ඨ පන්දු යැවීමකින් ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් 3ක් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවුවේ කඩුලු 3 ක් දවා ගනිමින්. එමෙන්ම තරඟයේ අකිල ලකුණු 54 කට කඩුලු 6 ක් දවාගත්තේ ප්‍රේක්ෂකාගාරය අමන්දානන්දයට පත්කරවමින්.

මෙම තරගය පිළිබඳ අදහස් දැක්වූ අකිල ධනංජය මෙසේ සඳහන් කළා,

“මම පිටදඟ පන්දු යවන්නෙක් විදිහටයි කටයුතු කරන්නේ. පා දඟ පන්දුවයි…ගුග්ලියයි තමයි විකට් ගන්න භාවිතා කරන්නේ.. මම තරගයේදී තේරුම් ගත්තා මගේ පිටදඟ පන්දු යැවීමෙන් තේරුමක් නෑ..ඒකෙන් කඩුලු ගන්න බැහැයි කියලා. ඉතින් මම විකල්පවලට යන්න බැලුවා.
මම මගේ විවාහ මංගල්‍ය කටයුතු අවසන් වෙලා කණ්ඩායම සමග එක්වෙනකොට 23 වැනිදා රෑ 11.00 විතර වුණා. මොරටුවේ තමයි උත්සවය තිබ්බේ.. එහෙම්මම ඇඳුම් ටික ලෑස්ති කරන් තරගයට ආවා.. එන්න කාලය පැය හතරක් පහක් විතර ගියා. මට සූදානම් වෙන්න ලොකු කාලයක් තිබුණේ නැහැ. ඇත්තටම තරගය දින්නා නම් මට අද සතුටින් ඉන්න තිබ්බ දවසක්.. මොන ජය ලැබුණත් තරගය පැරදීම ගැන හිතේ ලොකු දුකක් තියෙනවා. ඉන්දිය කණ්ඩායමේ කඩුලු වැටෙන්න වැටෙන්න අපේ කණ්ඩායමේ බලාපොරොත්තුත් අනෙක් හැමෝගෙම වගේ වැඩි වුණා.”

අකිලගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත් යොදා ගැනීම ගන අකිල ප්‍රකාශ කර සිටියේ,

“මගේ ප්‍රියතම ක්‍රීඩකයින් දෙදෙනා තමයි අජන්ත අයියයි.. රංගන අයියයි. හැම වෙලාවෙම ඔවුන්ව මගේ අවධානයට ගන්නවා.”

පසුගිය කාලසීමාවේදී අකිල ධනංජයට ශ්‍රී ලංක ක්‍රිකට් කණ්ඩායම තුළ ස්ථානයක් හිමි නොවුණේ සචිත්‍ර සේනාරත්න කණ්ඩායම නියෝජනය කළ නිසාවෙන්. ඔහු කණ්ඩායම තුළ හොඳින් දක්ෂතා පෙන් වූ ක්‍රීඩකයෙක්.

මේ නිසාවෙන් අකිලට කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීම අසීරු වී තිබුණා. නමුත් සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමත් සමග ඔහුගේ පන්දුවේ පෙරට වඩා යම් යම් වෙනස්කම් ඇති වුණා. මේ හේතුවෙන් යළිත් අකිලට කණ්ඩායම තුළ අවස්ථාවක් හමු වී තිබෙනවා.
« PREV
NEXT »

Facebook Comments APPID