BREAKING NEWS
latest

728x90

468x60

නාවික හමුදාව විද්‍යා ඝාතනය කළ බවට සාක්ෂියක්

නාවික හමුදාව විසින් ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කළ බව විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වන මහාලිංගම් සෂින්ද්‍රන් නමැත්තා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (28) පැවසීය.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා ඉදිරියේදී නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වු අවස්ථාවේදි විත්තිකරු එලෙස පැවසුවේය.


නඩු විභාගයට අදාළ පැමිණිලි පාර්ශවයේ හා රජයේ සාක්ෂි ලබාදීම අවසන්ව ඇති අතර, නඩුවට අදාළව විත්තිකරුවන්ගේ සාක්ෂි විමසීම ඊයේ (28) දිනයේ සිට ආරම්භ කරනු ලැබීය.

විත්තිකරු අධිකරණයේදී පැවසුවේ යාපනය, පුන්කුඩිතිව් ප්‍රදේශයේ මීට පෙර අවස්ථා දෙකකදි සාරදාමිබාල් හා දර්ශනි නමැති කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කොට මරා දමා තිබු අතර අදාළ ක්‍රියාවන්ට නාවික හමුදාව සම්බන්ධ බවයි.

නාවික හමුදාව විද්‍යා දැරිය ඝාතනය කොට ඒ සදහා තමන් ඇතුළු පිරිසගේ නම් ඈදාගෙන ඇති අතර, තමන් ඇතුළු පිරිසගේ ජායාරූප යොදා ගනිමින් තමන් ඝාතනය සිදුකොට ඇති බවට සමාජගත කොට ඇති බවද සෂින්ද්රන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවසීය.

මීට පෙර නඩු විභාගය මෙහෙයවු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පැවසූවේ විත්තිකරුවන් අදාළ ඝාතනය නාවික හමුදාව සිදුකළ බවට ජනතාව අතර මතයක් ගොඩනැගීමට ආරම්භයේ සිටම උත්සහ ගෙන ඇති බවයි.

විත්තිකරුවන් වන පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයක්කුමාර්, පූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් සෂින්ද්‍රන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, සිවදේවන් දුෂාන්ත් (පෙරියම්බි), පලනි රූපසිංහම් කුගදාසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් (ස්විස් කුමාර්) යන සැකකරුවන් 09 දෙනාද අධිකරණය හමුවට ඉදිරිපත් කොට සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර් රත්නම් මහතා, රජයේ නීතීඥවරුන් වන නිශාන්ත් නාගරත්නම් මහතා, ලක්සි ද සිල්වා සහ මාලිනී විග්නේෂ්වරන් මහත්මීහු පෙනී සිටියහ.

සිද්ධියට සම්බන්ධ  01, 02, 03, 05 සහ 06 වැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සුරංග බාලසිංහ  සහ නීතීඥ මහින්ද ජයවර්ධන මහත්වරු ද, 05 වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ආරුමුගම් රගුපති පිල්ලේ මහතා ද, 04, 07, 08 සහ 09 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සින්නරාසා කේදීස්වරනුත් මහතා ද, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන්ම රජයේ   රජයේ නීතීඥ විග්නරාජා ජයන්තා මහතා ද පෙනී සිටියහ.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වන දින පාසල් ඇදුමින් සැරසි පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කොට තිබිණ.

ඝාතනය සැළසුම් සහගතව සිදුකොට ඇති බැව් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් සදහන් කරනු ලැබීය.

නීතිපති දෙපාර්තමේන්තු නියමයන් අනුව ඉතිහාසයේ පළමු වරට යාපනය මහාධිකරණය තුළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු විභාගය කැදවා තිබිණ.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු
« PREV
NEXT »

Facebook Comments APPID