"වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටුණ" කියල බොහොම ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඔන්න ඔය කියමන නැවත වතාවක් සත්‍යයක් බවට පත් කරමින් මේ ළඟදී දවසක අපිට ඉන්න දක්‍ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකුට ලොකු අකරතැබ්බකට මුහුණ පාන්න සිද්ධ වෙලා.
ඔහු නමින් කුමාර, කුමාර තිරිමාදුර. සිංදු කියල නටල බොහොම විනෝදෙන් ඉන්න අපේ භාෂාවෙන් කියනවා නම් ෆන් පොරක් තමයි කුමාර තිරිමාදුර කියන්නෙ. ඒ වගේම ඔහු බොහොම සංවේදී පුද්ගලයෙක්. සරසවි මෑණියන්ගෙ ඇල්ම බැල්ම ආකර්ෂණය හරියට ලබල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකාරයෙක් වෙච්ච අපේ මේ කතා නායකයට මේ කියන්න යන අලකලංචියට මුහුණ දෙන්න වෙන්නෙත් ඔහු තුළ තිබුණ ඒ සංවේදී උතුම් මානුෂීය ගුණාංග නිසාමයි.

