BREAKING NEWS
latest

728x90

468x60

ඉතාලියේ අභ්‍යන්තර කටයුතු ඇමැතිගෙන් රතු නිවේදනයක්

ඉතාලියේ දැනට රැදී සිටින අනවසර සංක්‍රමණිකයින්ට සහ අනවසර ලෙස ඉතාලියට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මත්තේයෝ සැල්විනි මහතා අවධාරණය කර සිටී.

ඉතාලියේ දැනට අනවසරයෙන් රැදී සිටින්නන්ට ආපසු තම රටවලට යාම සඳහා ගමන් මළු සුදානම් කර ගන්නා ලෙසද මත්තේයෝ සැල්විනි මහතා පැවසීය. 

මධ්‍යධරණි මුහුදේ නවතා ඇති අනවසර බෝට්ටු සහ සංක්‍රමණිකයින් ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදෙන රාජ්‍ය නොවන සංවිධාන වලට අයත් නෞකාවලට ඉතාලියේ වරායන්ට ඇතුළු වීමද සපුරා තහනම් කරන බවද හෙතෙම පැවසීය.

මාස තුනක පමණ කාලයක් ඉතාලියේ පැවැති දේශපාලන අස්ථාවරභාවය නමා කරමින් ජුනි මස 01 වැනි දින මහාචාර්ය ගුසෙප්ප් කොන්තේ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ලද නව ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මත්තේයෝ සැල්විනි මහතා කියන දේ කරන්නකු ලෙසද ප්‍රසිද්ධය. 

ශ්‍රී ලංකාවේ සිට නොයෙකුත් අයථා ක්‍රම වලින් ඉතාලියට පැමිණිමට උත්සාහ කරන අයට ත් ඒ සඳහා මුදල් ගෙවීමට බලාපොරොත්තුවන අයටත් තමන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙවරක් නොව කිහිප වරක්ම සිතා බලන ලෙසත් සිර අඩස්සියේ නොවැටීමට හා තම මුදල් ප්‍රවේසම් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෝ ඉල්ලා සිටිති.
« PREV
NEXT »

Facebook Comments APPID