BREAKING NEWS
latest

728x90

468x60

දිවියා ඝාතනයේ සැකකරුවෝ 5ක්‌ අත්අඩංගුවට

කිලිනොච්චිය අම්බාකුලම් ගම්මානයේදී අමානුෂික ලෙස පහරදී දිවියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් පස්‌දෙනකු ඊයේ (24දා) කිලිනොච්චිය පොලිsසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පස්‌දෙනා අම්බාකුලම් ගම්මානයේ පදිංචිකරුවන් වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි තවත් 03 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ යොදවා ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌  ඊයේ (24දා) පැවැසීය. 

මේ වනවිට වනජීවී දෙපාර්තමේන්තුව මගින් කිලිනොච්චිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන 08 දෙනාට අමතරව වීඩියෝ දර්ශන උපයෝගී කරගෙන සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇති බවත් එම නිලධාරියා කීය.

කිලිනොච්චිය කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී පාලිත සිරිවර්ධන මහතාගේ උපදෙස්‌ මත කිලිනොච්චිය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත රෝද්‍රිගෝ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

චමින්ද සිල්වා - දිනසේන රතුගමගේ
« PREV
NEXT »

Facebook Comments APPID