BREAKING NEWS
latest

728x90

468x60

තමන්ම කුලියට දෙන භාණ්‌ඩ උස්‌සලා ගැනුම්කරුවන්ගෙන් අලාභ අරගත් පට්ට හොරා

දෙහිවල නැදිමාල ප්‍රදේශයේ උත්සව භාණ්‌ඩ හිමිකරුවකු විසින් තමා කුලියට ලබාදෙන භාණ්‌ඩ වෙනත් පුද්ගලයන් යොදවා සොරාගෙන ගැනුම්කරුගෙන් මුදල් ලබාගන්නා ජාවාරමක්‌ අනාවරණය කර ගැනීමට මිරිහාන විශේෂ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීහු සමත් වූහ.

මෙම පුද්ගලයා මීට පෙර දෙහිවල ව්‍යාපාරිකයකුගේ මෑණියන්ගේ උපන්දිනය වෙනුවෙන් මහා සංඝරත්නය අසූතුන් නමක්‌ සඳහා සූදානම් කළ දානය ලබාදීමට මුදල් ලබාගෙන එම දානය ලබා නොදී මුදල් වංචා කර ඇතැයි විමර්ශනවලදී හෙළි වූ බවද උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

අලුත් අවුරුදු සමයේදී ගල්කිස්‌ස පොලිසිය ඉදිරිපිට තිර රෙදි (කර්ටන්) ව්‍යාපාරිකයකු මෙම උත්සව භාණ්‌ඩ ලබාදෙන ස්‌ථානයෙන් රුපියල් 50,000 ක්‌ පමණ වටිනා කූඩාරමක්‌ කුලී පදනම මත ලබාගෙන තිර රෙදි අලෙවි කිරීමේ ව්‍යාපාරය කරගෙන ගොස්‌ ඇත. 

දින කිහිපයක්‌ පොලිසිය ඉදිරිපිට සවිකර තිබූ වටිනා කූඩාරම රාත්‍රි කාලයේ සොරාගෙන ගොස්‌ ඇති බවට ව්‍යාපාරිකයා ගල්කිස්‌ස පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත. ඒ සමඟම ව්‍යාපාරිකයා උත්සව භාණ්‌ඩ සැලේ හිමිකරු අමතා නැති වූ කුඩාරම සොයා දෙන බව පවසා තිබේ. තමන්ට කූඩාරම සොයාගන්නා තෙක්‌ සිටිය නොහැකි බවත් එහි අලාභය වන රුපියල් 50,000 ක මුදල් ලබාදෙන ලෙසත් එහිදී උත්සව භාණ්‌ඩ හිමිකරු ව්‍යාපාරිකයාට පවසා ඇත.

ව්‍යාපාරියා මේ සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කළ දැනුවත් කිරීම අනුව එහි නිලධාරීන් කණ්‌ඩායමක්‌ විමර්ශන ආරම්භ කර කූඩාරම රැගෙන ගිය ලොරි රථය සොයාගෙන ඇත. එහි රියෑදුරුගෙන් ප්‍රශ්aන කිරීමේදී කූඩාරම දෙහිවල නැදිමාලේ හිමිකරුට රැගෙන ගොස්‌ දුන් බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පොලිසිය වැඩිදුර විමර්ශනය කර ලොරි රථය එහි රියෑදුරු සහ උත්සව භාණ්‌ඩ අලෙවි සැලේ සේවකයකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී සොරාගෙන ගිය කූඩාරම වෙනත් ස්‌ථානයකට කුලියට ලබාදී ඇති බව හෙළි කර ගෙන ඇත.

බස්‌නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් එම ඒකකයේ උප පොලිස්‌ පරීක්‌ෂක කුමාර නලවංශ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්‌ සැකකරුවන් අත්අඩංගුවට ගෙන උත්සව භාණ්‌ඩ අලෙවිසලේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කළහ.

දිවයින
« PREV
NEXT »

Facebook Comments APPID