BREAKING NEWS
latest

728x90

468x60

මීරා රාජ්පූත් කපූර් ගැබිණියක්

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර්ගේ බිරිඳ මීරා රාජ්පූත් කපූර් මේ වනවිට ගැබිණියක් බවට පත්ව සිටියි. පසුගිය දිනවල මේ සම්බන්ධව විවිධ තොරතුරු අන්තර්ජාලය පුරා වාර්තා වුණ අතර, පසුගිය සති අන්තයේදී ඇය මුම්බායි නගරයේ එක්තරා අවන්හලකට ගොඩ වන ඡායාරූපයක් අන්තර්ජාලයේ පළවීම හරහා ඇය මේ වනවිටත් ගැබිණියක් බවට ඔප්පු වී තිබේ.

දැනට එක් දරු මවක්ද වන මීරා 2015 වසරේදී ෂාහිඩ් කපූර් සමගින් විවාහ විය. ඉන් වසරකටත් අඩු කාලයකදී ඇය ගැබිගත් අතර, මේ වනවිට ඇයට හා ෂාහිඩ් දාව වසරකට වඩා වයසැති දියණියක්ද සිටියි.
« PREV
NEXT »

Facebook Comments APPID