BREAKING NEWS
latest

728x90

468x60

මියුසික් වීඩියෝවක් නිසා නොයෙල් රාජ් අකරතැබ්බයකට පත් වෙලා

නොයෙල් රාජ් කියන්නේ ලංකාවේ ජනප්‍රියතම ගායකයෙක්. කණ්ඩායම් සංගීතය ඔස්සේ ක්ෂේත්‍රයට පැමිණ නොයෙල් රාජ් මෑතකදි තමන්ගේම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. නොයෙල් රාජ් කියන්නේ අසභ්‍ය දර්ශන සහිත මියුසික් වීඩියෝ නිර්මාණයට තදින්ම විරුද්ධ ගායකයෙක්. නමුත් නොයෙල් රාජ්ට පහුගිය දිනෙක මේ අසභ්‍ය දර්ශන සහිත මියුසික් වීඩියෝවක් නිසා ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.

නොයෙල්ගේ ජනපි‍්‍රය ගීතයකට වීඩියෝවක් නිර්මාණය කරන්න නිෂ්පාදන ආයතනයක් බාර අරන්. ඔවුන් නොයෙල් වීඩියෝවේ පෙනී සිටින දර්ශන කිහිපය වෙනමම ෂූට් කරලා එක් දිනයක. අනෙකුත් දර්ශන ටික නොයෙල්ටත් නොකියා ඔවුනට සිතැඟි පරිදි රූපගත කරලා. එතැන ටිකක් අසභ්‍ය දර්ශනත් තිබෙනවලු. මේ කිසිවක් නොයෙල් දැනගෙන ඉඳලා නැහැ. හොර රහසේ ෂූට් කරපු දර්ශන සියල්ල දාලා නොයෙල් විදෙස් ගත වෙලා ඉන්න වෙලාවක් බලලා ඔවුන් වීඩියෝව රිලීස් කරලා. යූ ටියුබ් හරහා මුදල් හොයන්නයි මේ වැඩේ කරලා තියෙන්නේ. නොයෙල් වගේ කෙනෙක්ගෙන් එහෙම වීඩියෝවක් බලාපොරොත්තු නොවූ රසික රසිකාවන් දිගට හරහට නොයෙල්ට කතා කර කර බනින්න ගත්තලු. වීඩියෝව බලපුවාම තමයි නොයෙල්ටත් තරු පෙනුණේ. කොතරම් දුරකතන ඇමතුම් දුන්නත් අර නිෂ්පාදන ආයතනයෙන් නෙවෙයිලු නොයෙල්ට ප්‍රතිචාර දැක් වුයේ. මේ වන විට නීතිමය පියවර ගන්නයි නොයෙල්ගේ ලැහැස්තිය.
« PREV
NEXT »

Facebook Comments APPID