BREAKING NEWS
latest

728x90

468x60

රටම හඳුනන සුපිරි චිත්‍රශිල්පියා බිරිද ඝාතනය නිසා පොලිස් කුඩුවට

වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී ජනප්‍රිය චිත්‍රශිල්පියෙක් විසින් සිදුකළ දරුණු පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබුණා.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් වන අතර ඝාතකයා ඇගේ සැමියා බවත් ඔහුගේ වයස අවුරුදු 24ක් බවටයි වාර්තාවුණේ.

මොවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදී බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. මොවුන් අතර නිතර නිතර ගැටුම් ඇතිවී තිබෙනවා.

ඒ අනුව පසුගියදා (02) දිනයේද මෙම අඹු සැමි යුවළ අතර ආරවුලක් ඇතිවී අනතුරුව සැමියා විසින් බිරිඳට කායවර්ධන උපකරණයක් ලෙස භාවිත කරන ඩම්බෙල් එකකින් පහරදී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් තිබුණා.

බිරිඳට පහරදීමෙන් පසු මේ පුද්ගලයා තම නිවස ආසන්නයේ පිහිට ඇති ලිඳට පැන සිය දිවි නසාගන්නට උත්සහ කර ඇති අතර ගම්වාසීන් පැමිණ ඔහු බේරාගෙන තිබුණු අතර පසුව බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වූ කලාකරුවා ජනප්‍රිය සහ ප්‍රවීණ කලාකරුවන් රැසකගේ ඡායාරූප චිත්‍රයට නගා තිබෙනවා.

 






« PREV
NEXT »

Facebook Comments APPID