BREAKING NEWS
latest

728x90

468x60

බඩවැලේ පිළිකාව අයින් කරද්දී රෝගියා සමග ටොන් දෙකක්‌ පමණ බර ශල්‍යාගාර ඇඳ දොස්‌තරගේ කකුලට කඩා වැටිලා

ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ පිළිකා රෝගියකුගේ බඩවැලේ තිබූ පිළිකා ගෙඩියක්‌ ඉවත් කිරීමේ සැත්කමක්‌ කරමින් සිටි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාගේ පාදය මතට සැත්කම් සිදුකරන ශල්‍යාගාර ඇඳ කඩා වැටී ඇත. එමගින් ශල්‍ය වෛද්‍යවරයාගේ පාදයේ වම් මාපට ඇඟිල්ල තුවාල වී තිබේ. රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ඇති ශල්‍යාගාරයේදී 09 දා පස්‌වරුවේ මෙම සැත්කම කරමින් සිට ඇත. මෙම අනතුරෙන් වෛද්‍යවරයාගේ වම් පාදයේ මාපට ඇඟිල්ලේ අස්‌ථි බිඳී ගොස්‌ ඇති අතර ප්ලාස්‌ටික්‌ සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය සතිස්‌ විඡේමාන්න මහතා විසින් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාගේ පාදයේ මාපටඟිල්ලට පැය එකහමාරක ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ ද කරනු ලැබීය.

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් සැත්කමේ කටයුතු අවසන් අදියරේ තිබියදී ටොන් දෙකක්‌ පමණ බර යකඩයෙන් සාදනු ලැබූ ශල්‍යාගාර ඇඳ රෝගියා සමඟ එකවරම වෛද්‍යවරයාගේ පාදයක්‌ මතට පහත් වී ඇත. ඒ සමඟ දැඩි පරිශ්‍රමයක්‌ දරා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා තම කකුල ඇද ඉවතට ගෙන ඇත. අනතුරට ලක්‌වූ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විශ්වවිද්‍යාල ශල්‍ය ඒකකයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහු 09 දා මෙම අනතුර වීමට පෙර සැත්කම් දෙකක්‌ සිදුකොට තිබේ. තුන්වැනි සැත්කම කිරීමේදී මෙම අනතුරට ලක්‌ව තිබේ. සැත්කමට භාජනය කෙරුණු රෝගියා වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ අයෙකි. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් එම රෝගියාගේ බඩවැලේ තිබූ පිළිකා ගෙඩිය ඉවත් කොට ඇති අතර අනතුර වන අවස්‌ථාවේ තිබී ඇත්තේ විවර කොට තිබූ රෝගියාගේ උදරය වැසීම පමණි. එය වෙනත් වෛද්‍යවරයකු විසින් සිදුකොට ඇත. මෙම අනතුරෙන් රෝගියාට කිසිදු කරදරයක්‌ වී නැත. 

මේ පිළිබඳ කරාපිටිය ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මෙවැනි සිද්ධියක්‌ වී ඇති බවය. ශල්‍යාගාර ඇඳන් කිහිපයක්‌ රෝහලට ලැබීමට ඇති බවද රෝහල් අධ්‍යක්‌ෂවරයා සඳහන් කළේය.
« PREV
NEXT »

Facebook Comments APPID