BREAKING NEWS
latest

728x90

468x60

දිස්ත්‍රික්ක 5කට රතු නිවේදන - මරණ 11යි: 105,352ක් පීඩාවට - ත්‍රිවිධ හමුදාව එස්ටීඑෆ් ක්ෂණික මෙහෙයුම්

මේ වන විට පවතින ආපදා තත්ත්වය නිසා පුද්ගල මරණ 11ක් දක්වා වැඩිවි ඇති අතර දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස110ක පවුල් 18542 පුද්ගලයින් 105,352ක් පීඩාවට පත් වී ඇති බවද පූර්ණහානි වූ නිවාස 29ක්ද, අර්ධ හානි වූ නිවාස 2527ක් වාර්තා වන බව ද ඊයේ(23) ආපදා කළමණාකර න ම්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් විණි. නාය යාමේ අවදානම සහ ජල ගැලිම් හේතුවෙන් පිඩාවට පත්ව සිටින ජනතාව දැනට දිස්ත්‍රික් දහයක සුරක්ෂිත මධ්‍යස්ථාන 214 ක පවුල් 11445කට අයත් පුද්ගලයින් 43368ක් රඳවා තිබෙන බවද මෙහිදී පැවැසීය.


නායයාම් පිළිබඳව අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ පවතින වැසි තත්ත්වය සලකා බලමින් දිස්ත්‍රික්ක 05ක් සඳහා රතු නිවේදන නිකුත් කළ බවයි. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කය(රත්නපුර, ඇළපාත, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ), කෑගල්ල දිස්ත්‍රික්කය( බුලත්කොහුපිටිය,දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, අරණායක සහ මාවනැල්ල ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශ)නුවරඑළිය දිස්ත්‍රික්කය(අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ) කලුතර දිස්ත්‍රකික්කයේ( පාලින්ද නුවර. අඟලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය සහ වලල්ලාවිට ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ) ගාල්ල දිස්ත්‍රිතක්කයේ( ඇල්පිටිය, ගාල්ල කඩවත් සතර, නාගොඩ, නෙලුව, තවලම ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශ )වලට රතු නිවේදනය නිකුත් කර ඇත. අනෙකුත් දිස්ත්‍රික්කවලට පෙර පැවැති අනතුරු ඇඟවීම් එසේම පවතින බවද ගාමිණී ජයතිස්ස මහතා කීය.



පවතින වැසි තත්ත්වය අද(23) දිනයේද බලාපොරොත්තුව වන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම දකුණු වයඹ පළාත් වල මිලි මිටර් 100ක පමණ වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් මහතා පැවසීය. යාපනය, වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්කයන්හි මිලි මීටර් 75ක වර්ෂාපතනයක් අද දිනයේ ඇති වේ යයි ද අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය. දිවයිනට ඊසාන දෙසින් මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ යම් කිසි කැළඹිලි කාරී ස්වභාවය හේතුවෙන් දිවයින හරහා නිරිදෙසින් හමන සුළං ප්‍රවාහයේ ක්‍රියාකාරී තත්ත්වයක් පෙන්නුම් කරන බවත් එම තත්ත්වය හේතුවෙන් මේ දිනවල පවතින වර්ෂා කාරී කාලගුණ තත්ත්වය ලැබී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා කීය. මෙම වැසි තත්ත්වය 25-26 වන තෙක් පැවැතිය හැකි බවද පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කාලයේ වැසි තත්ත්වයේ යම්කිසි අඩුවීමක් පෙන්නුම් කළ හැකි යයිද කීය. සුළං වේගය වැඩි වූ අවස්ථාවල ක්‍රියා කරන ආකාරය පිළිබඳව ධීවර ජනතාවට අවබෝධයක් තිබෙන බවද සරත් ප්‍රේමලාල් මහතා පැවසීය.



මෙහිදී අදහස් දක්වමින් වාරිමාර්ග දෙපාර්තතමේන්තුවේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය ප්‍රකාශ කළේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් කලු ගඟේ ජල මට්ටමේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි. සැම ස්ථානයකින්ම එහි ජල මට්මමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව කී මාලා අලවතුගොඩ මහත්මිය ගංඟාව සුලු ගංවතුර මට්ටමක පවතින බවද කීවාය. රත්නපුර ප්‍රදේශයට ඊයේ පස්වරු වන විට මිලි මිටර් 100ට වැඩි වර්ෂාවක් ලැබී ඇති බවද අධ්‍යක්ෂවරිය පැවසීය. ඊයේ(23) පස්වරුව වන විට කැලණි ගඟේ බොහෝ තැන්වල සාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කරන බවද කී අධ්‍යක්ෂවරිය නාගලගම් වීදියේ ජල මාපකයේ ජල ප්‍රමාණය අනතුරු දායක මට්ටමේ පවතින බවත් එහි ජල මට්ටමමේද අඩුවීමක් පෙන්නුම් කරන බව කීවාය. නිල්වලා ගඟ, ගිං ගඟ ස්ථාන කීපයකින් හැර බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයටද පත්වි ඇති බවද පැවසුවාය. මහවැලි ගඟ සහ මා ඔය සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇති බවද පැවසුවාය. අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ජල මට්ටමේ ඉහළ යාමක් ඇති බවද කී අධ්‍යක්ෂකවරිය මේ තත්ත්වය ගම්පහ නගරයට තර්ජනයක් විය හැකි යයිද කීවාය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පාලනය වන රාජාංගනය, මුරුතවෙල, දැදුරුඔය ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති බවද ප්‍රකාඔ කළාය. මුරුතවෙල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම පිළිබඳව පහළ ප්‍රදේශවල ජනතාව විමසිලිමත්විය යුතු බවද අධ්‍යක්ෂවරිය පැවසුවාය.

ආපදා කළමණාකන මධ්‍යෂ්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පවතින වැසි තත්ත්වයත් සමඟ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ජනතාව ඉවත් වීමට සුදානම්ව සිටිය යුතු බවයි. ආපදාවට පත් ජනතාව සඳහා සහන වැඩ පිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද ජලාශයන්හි වාන් දොරටු විවෘත කිරීමේදී පහළ වාරි කලාප වල ජනතාව විමසිලිමත් විය යුතු බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීය. අපදාවට පත් වැව් කීපයක් වැළි කොට්ට දමා යථා තත්ත්වයට පත්කර ඇති බවද පැවසීය. රත්නපුර දිස්ත්‍රික්කයේ බෝට්ටු 37ක්ද කලුතර දිස්ත්‍රික්කයේ බෝට්ටු 76ක්ද භාවිතයේ යෙදෙන බවද තවත් බෝට්ටු සංඛ්‍යාවක් යැවීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කීය. හමුදාවේ බෝට්ටු ද සූදානම් කර තිබෙන බවත් පසු ආපදා කටයුතු වෙනුවෙන් වතුර පොම්ප, ජෙනරේටර් සූදානම් කර ඇති බවද කීය.

ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂිකා සාවිත්‍රි ජයකොඩි මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ, මියගිය පුද්ගලයින්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් ලබාදී ඇති බවයි. නිවාස හානි සඳහා ඉක්මනින් වන්දි ලබා දෙන බවද පැවසුවාය.



මේ අතර බස්නාහිර, වයඔ, දකුණ සහ සඔරගමුව යන ප්‍රදේශවලට මේ වන විටත් ඇති වි ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සිදුවන අනතුරුවලින් මහජනතාව මුදා ගෙන ඔවුන්ට ආරක්ෂාව සැළසිම පිණිස ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශ පුරා භට පිරිස් බෝට්ටු සහ වෙනත් ක්ෂණික මෙහෙයුම් කණ්ඩායම් යොදවා විශාල මෙහෙයුමක යෙදි සිටිති.
« PREV
NEXT »

Facebook Comments APPID