BREAKING NEWS
latest

728x90

468x60

CRYSBRO Corn Fed Golden Yellow Chicken | බඩ ඉරිගු ආහාරයට ගන්නා කුකුලන්ගේ මස් ලාංකීය වෙලදපොලට

ආහාර  මිලදී  ගැනීමේදී  එහි  ගුණාත්මක  බව  සහ  පැහැය  පිලිබඳව  පාරිභෝගිකයින් වෙසෙසින්ම  සැලකිලිමත්  වේ.  රන්  පැහැයෙන්  යුත්  කහ  මදය  සහිත  බිත්තර  සඳහා ලොව  පුරාම  ඉහළ  පාරිභෝගික  ඉල්ලූමක්  ඇතිවාක්  මෙන්ම  කහ  පැහැයෙන්  යුත් කුකුළු  මස්  වඩාත්  පෝෂණ  ගුණයෙන්  සහ  නැවුම්  බවෙන්  අනූන  බව  පෝෂණවේදීන්ගේ අදහස වී ඇත.

එහෙත්  ශ්‍රී  ලංකාව  තුළ  අලෙවි  වන  සහ  පාරිභෝගිකයින්  අතර  ප්‍රචලිතව  පවතින කුකුළු  මස්  රෝස  පැහැයෙන්  හෝ  මලානික  පැහැයකින්  යුතු  වෙයි.  මීට  හේතුවී ඇත්තේ  මෙම  බ්‍රොයිලර්  කුකුළන්ට  ලබා  දෙන  සහල්  හෝ  තිරි`ගු  පිටි  මූලික  කර  ගත් ආහාර  නිසාය.  එහෙත්  වෙළෙඳපොළේ  ඇති  කහ  පැහයෙන්  යුතු  කුකුළු  මස්  අවපැහැ ගැන්වී  ඇති  හෝ  නැවුම්  බවින්  තොර  කුකුළු  මස්  ලෙස  පාරිභෝගිකයින්  අතර  වැරදි වැටහීමක් පවතී. කුකුළු මස් පැහැයක් ගැනීම  කෙරෙහි මූලික වශයෙන්ම බලපාන්නේ කුකුළන්ට  ලබා  දෙන  බඩ  ඉරිගු  ආහාරය  අනුවයි.  බඩ  ඉරිගු  විටමින්  වලින්  පරීපූර්ණ ස්වභාවික  ආහාරයක්  වන  අතර  පෝෂණ  ගුණය  අතින්  සහල්  සහ  තිරි`ගු  පිටි  වලට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පරිපූර්ණය.

මේ   පිළිබඳව   අදහස්   දක්වන   වයඹ   විශ්වවිද්‍යාලයේ   අචාර්ය   ක්‍රිෂාන්ති   ප්‍රේමරත්න කැරටිනොයිඩ් රසායනික  වර්ණක  සංඝටකය  කුකුළු මස්  කහ හෝ රන්  පැහැ ගැනීම කෙරෙහි  බලපාන  මූලික  හේතුව  ලෙස  පෙන්වා  දෙන්න  පුළුවන්.  කුකුළන්ට  ආහාර සඳහා  ලබා  දෙන  ඉරි`ගු  තුළ  කැරටිනොයිඩ්  පවතිනවා.  ආහාර  සඳහා  බඩ  ඉරිගු කුකුළන්ට  ලබා  දුන්  විට  මෙම  කැරටිනොඩියිඩ්  වර්ණකය  කුකුළන්ටත්  ලැඛෙනවා. එමෙන්ම  සත්ව  ආහාරයක්  ලෙස  බඩ  ඉරිගු  කුකුළන්ට  ලබා  දීම  තුළ  මෙහි  අඩංගු විටමින්   A  ඇතුළුව   පෝෂ්‍ය   පදාර්ථ   රැසක්  මෙම   සතුන්ට   ලැඛෙනවා.   මිනිසාගේ වර්ධනය  සඳහා  අත්‍යාවශ්‍ය  සංඝටකයක්  වන  විටමින්  A  ශරීරය  තුළින්  නිපදවා  ගත නොහැකියි.  එබැවින්  එම  සංඝටකය  අපේ  ශරීරයට  ගත  හැකි  ආකාර  2ක්  තියෙනවා. එයින්   එක්   ක්‍රමයක්   වනනේ   විටමින්   A   අඩංගු   ආහාර   ගැනීමයි.   මීට   අමතරව කැරටිනොයිඩ්  ප්‍රතිඔක්සිකාරකයක්  ලෙසින්  ක්‍රියාකරන  අතර  ඇස්  පෙනීම,  ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වීම සිදුවෙනවා යනුවෙන් පැවසුවාය.
විටමින් A අඩංගු ආහාර ස්වභාවිකවම කහ පැහැයක් ගන්නා අතර A විටමින්   මගින් අස්ථී  ශක්තිමත්  වීම,  ශරීරය  පැහැපත්  වීම,  ප්‍රතිශක්තිය  වර්ධනය  වීම  සිදු  වෙයි.  මේ අනුව  කහ  පැහැති  කුකුළු  මස්  වඩාත්  පෝෂණ  ගුණයෙන්  සහ  කැරටිනොයිඩ්වලින් අනූන  බැවින්  ශරීරයට  වැඩි  පෝෂණ  ගුණයක්  ලැඛෙයි.  එමෙන්ම  කහ  පැහැති  කුකුළු මස් පිසීමෙන් අනතුරුව වඩාත් ප්‍රනීත රසයකින් ගන්නා බව පැවසිය හැක.

දේශීය සමාගමක් ලෙසට මෙම ක්ෂේත්‍රයේ පෙරමුණට පැමිණ සිටින ක්‍රිස්බ්‍රෝ සමාගම
තමන් නිෂ්පාදනය කරන කුකුළු මස්වල පෝෂණය සහ නැවුම්බව පිළිබඳව ආරම්භයේ සිට  ඉහළ  අවධානයක්  යොමු  කරයි.  එමෙන්ම කුකුළු  ආහාර  සඳහා  බඩ  ඉරි`ගු  භාවිතා කරන  සමාගම්  අතර  පුරෝගාමී  සමාගම  ලෙසත්  ක්‍රිස්බ්‍රෝ  හැඳින්විය  හැක.  එමෙන්ම සතුන්  විශාලනය  කිරීම  සඳහා  ඖෂධ  භාවිතා  කිරීමට  එරෙහි  සහ  ආරම්භයේ  සිටම කිසිදු   ආකාරයේ   වර්ධක   ඖෂධ   භාවිතා   නොකළ   සමාගමක්   ලෙස   ක්‍රිස්බ්‍රෝ වර්තමානයේදී රජය මගින් හඳුන්වාදීමට නියමිත සතුන් සඳහා වර්ධක ඖෂධ භාවිතය තහනම් කිරීමේ ප්‍රතිපත්තිය සඳහාත් පූර්ණ ලෙස සහාය දක්වා ඇත.

1972  වර්ෂයේදී  කුකුළු  පැටවුන්  100  දෙනෙකුගෙන්  ඇරඹි  ක්‍රිස්බෝ  එතැන්  පටන් වෙළෙඳපොල   ප්‍රමුඛයා   වීමේ   දැක්ම   පෙරදැරිව   කටයුතු   කිරීම   ඇරඹීය.   ප්‍රමිතිය, නැවුම්බව  සහ  නව්‍යකරණය  සඳහා  ඉහළ  වැදගත්තමක්  ලබා  දෙමින්  ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම  කුකුළු  නිෂ්පාදන  ව්‍යාපාරික  ආයතනය  බවට  පත්  විය.  මව්  ගොවිපොළ, අභිජනන  ගොවිපොළ,  බ්‍රොයිලර්  සහ  කුකුළු  ආහාර  නිෂ්පාදන  ශාලා  ඇතුළු  පුළුල් පරාසයක ක්‍රිස්බෝ හි අතු පතර විහිද පවතී. "ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා" යන සංකල්පය ක්‍රිස්බෝ සමාගමේ සාර්ථකත්වයෙහි ගමන් මගෙහි සංකල්පය වී තිබේ. ක්‍රිස්බෝ  ව්‍යාපාරයේ  සාර්ථකත්වයට  බාහිර  කුකුළු  නිෂ්පාදකයින්,  ඉරිඟ=  වගා  කරුවන් මෙන්ම    සමස්ත    ශ්‍රී    ලාංකීය    පාරිභෝගික    ප්‍රජාවගෙන්ද    ලැඛෙනුයේ    සුවිසල් සහයෝගයකි.

« PREV
NEXT »

Facebook Comments APPID