BREAKING NEWS
latest

728x90

468x60

මහා නගරේ හෙට හැඩට රබන් තැලෙන්නෙ මෙන්න මෙහෙමයි


උදාවෙන සුර්යාභිෂේකයේ තේමා ගීතය 'මහා නගරේ මහා අවුරුදු' මේ දිනවල යූ ටියුබ් හරහා විශාල ප්‍රේක්ෂක පිරිසක් අතර ජනප්‍රිය වෙලා තියෙනවා.

ඩිලාන් ගමගේ ගේ පදරචනයෙන්, සදීප්ත ගුණවර්ධනගේ සංගීතයෙන් වගේ ම චමු ශ්‍රී ගේ රූප රචනයෙන් හැඩගැන්වෙන මේ ගීතය ගායනයට රෝහණ බැද්දේගේ,සශිකා නිසංසලා, රොමේෂ් සුගතපාල,තීක්ෂණ අනුරාධ, අශාන් ප්‍රනාන්දු, විරාජ් පෙරේරා, උදේෂ් ඉන්දුල සහ දිල්කි උරේෂා එකතු වෙනවා.



ඒ වගේ ම රූප රචනයට එකතු වෙන අලුත් තරු අතර තරංග බණ්ඩාර, රවිඳු ප්‍රමෝද් , කලන දිල්ශාන්, පසිඳු ඩිල්ශාන්, හර්ෂ දිසාසේකර, ධනුෂ්ක සම්පත්, දුමිඳු උදයංග, නිසල් මධුශාන් ඇතුළු තවත් කිහිප දෙනෙක් හිටියා.

මේ ගීතය නිෂ්පාදනය කළේ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන්.

මෙම අවුරුදු සැමරුම්උළෙල “සූර්යාභිෂේකය – මහනගරේ මහඅවුරුදු” නමින් හෙට (08) කොළඹදී පැවැත්වීමට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය තීරණයකර තිබේ.


කොළඹ 07 ටොරින්ටන් පිටිය, නිදහස් චතුරශ‍්‍රය සහ ආකේඩ් පරිශ‍්‍රය ආශ‍්‍රිතව උදෑසන සිට පැවැත්වෙන මෙම මහා සංස්කෘතිකමංගල්‍ය ප‍්‍රධාන අංග තුනකින් සමන්විත වේ.


« PREV
NEXT »

Facebook Comments APPID