BREAKING NEWS
latest

728x90

468x60

වියානා ඇළ බිලිගත් ගුරු ජීවිතය සොයා තවමත් මෙහෙයුම්

හිගුරක්ගොඩ ප්‍රදේශයේ සිට පැමින ඇතැයි සැලකෙන සුඛෝපභෝගී ජීප් රථයක් ඊයේ (26) අලුයම මහියංගනය මාපාකඩවැව – 17 කණූව අසලදී වියානා ඇලට පෙරලීයෑමෙන් අනතුරක් සිදුවුනා.


අනතුරෙන් පසු එහි ගමන්ගත් පුද්ගලයන් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර අනතුර සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය පරීක්ෂණ ආරම්භ කෙරුනා.

අදාළ ජීප් රථයේ අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එය හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු නමට ලියාපදිංචි වී ඇති බවටයි.

පසුව පොලීසිය මෙම ජීප් රථයේ හිමිකරු බවට පවසන පුද්ගලයාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර එහිදී නිවැසියන් ප්‍රකාශ කර ඇත්තේ මොහු කතරගම යාම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති අතර, ඒ අනුවයි පොලීසිය, ප්‍රදේශවාසින් හා එක්ව ඔවුන් සොයා වියානි ඇලෙහි බෝට්ටු යොදාගෙන විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබුවේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී වියානි ඇලට මෝටර් රථ පෙරලීමේ සිද්ධීන් වාර්තා වුණා.

පොලිසිය සඳහන් කළේ වසරකට මිනිස් ජීවිත 10ත් 12ත් සංඛ්‍යාවක් මෙම ඇලට බිලි වන බවයි.
« PREV
NEXT »

Facebook Comments APPID