BREAKING NEWS
latest

728x90

468x60

උදේ පාන්දරින්ම කෑවොත් මෙහෙම වෙනවද?

දිනපතා උදැසනින්ම උදැසන ආහාර වේල ගන්නා පුද්ගලයන්ගේ ශරීරය කෙට්‌ටුවන අතර ඉදිරියේ දී ද ඔවුන්ගේ ශරීර බර වර්ධනයවන්නේ සුළු වශයෙන් බව ලොව ප්‍රකට අමෙරිකා එක්‌සත් ජනපදයේ වෛද්‍ය පර්යේෂණ කණ්‌ඩායමක්‌වන මායෝ සායනය (ක්‌ලිනික්‌) මගින් සිදු කරන ලද නවතම අධ්‍යයනයක දී අනාවරණය කර ගෙන තිබේ.

සිය ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා යැයි පවසමින් දෛනිකව ගනු ලබන කැලරි ප්‍රමාණය අඩු කර ගැනීමේ අරමුණින් උදෑසන ආහාර වේල හිතාමතාම මඟ හරින අයගේ ශරීර බර වසර 10ක කාලයක්‌තුළ දී රාත්තල් 08කින් වැඩිවන බවත් දිනපතා උදැසන ආහාරය උදැසනින්ම ගන්නා අයගේ ශරීර බර වසර 10 කදී වැඩි වනුයේ රාත්තල් තුනක්‌ පමණ අඩු අගයකින් බවත් එම අධ්‍යයනයේ දී හෙළිදරව් වී තිබේ.

එසේම උදෑසනින් දිනපතා උදැසන ආහාරය ගන්නා පුද්ගලයන්ගේ ඉන ප්‍රමාණය ද කුඩාවන බව පර්යේෂකයෝ පවසති.

උදැසන ආහාර වේල නියමිත වේලාවට ගන්නා වැඩිහිටියන් 350 දෙනකු උපයෝගි කර ගෙන සිදු කරන ලද අධ්‍යයනයක දී මෙම කරුණු අනාවරණය කර ගෙන තිබේ.

උදැසන ආහාර වේල කෙනෙකුගේ ශරීර බර අඩු කරලීමට මේ සා උපකාර වනුයේ එම ආහාර වේලට එක්‌කර ගන්නා පරිපූර්ණ ධාන්‍ය හා පළතුරු වැනි ආහාර නිසා විය හැකි බව පර්යේෂකයෝ පවසති.

උදැසන ආහාර වේල හිතාමතාම මඟ හරින අයගේ ශරීර බර වැඩියෙන් වර්ධනයවීමට අමතරව උදරයේ තැන්පත්වන තෙල් ප්‍රමාණය භයානක අන්දමින් වැඩිවීමද සිදුවන බව මෙහි දී හෙළි වී තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID