BREAKING NEWS
latest

728x90

468x60

හොරවැඩ කරලා හමාරයි.. මෙන්න ලයිසන් ගන්න විභාගය ඩිජිටල් ක්‍රමයට

රියැදුරු බලපත්‍ර ලබාගැනීමේදී පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ලබන මැයි මාසයේ සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේදී මෙලෙස ඩිජිටල් ක්‍රමයට පළමු පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

අපේක්ෂකයන් 150කට එකවර විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇති අතර මේ මගින් විභාග අක්‍රමිකතා වැළැක්වීමටත් කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා පැවැත්වෙන තරග විභාගය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට සූදානම් කොට ඇති බව පැවසූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ ලබන මැයි මස සිට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.


« PREV
NEXT »

Facebook Comments APPID