BREAKING NEWS
latest

728x90

468x60

මහේලගේ අමුතු දඬුවම

අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස්‌ පිලේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන විසින් සිය කණ්‌ඩායමේ ක්‍රීඩකයන්හට අලුත් දඬුවම් ක්‍රමයක්‌ හඳුන්වා දී තිබේ.

කණ්‌ඩායමේ ක්‍රීඩකයින් විසින් කරනු ලබන වැරදි සඳහා මහේල විසින් මෙම දඬුවම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව නියමිත වේලාවට ක්‍රීඩකයින් අදාළ රාජකාරිය නොකිරීම, බස්‌ රථයට නියමිත වේලාවට නොපැමිණීම, පුහුණුවීම් වලට නිසි වේලාවට නොපැමිණීම වැනි කරුණු සැලකිල්ලට ගෙන මෙම සුවිශේෂී දඬුවම පනවනු ලබයි.

අදාළ දඬුවම වනුයේ කණ්‌ඩායමේ ක්‍රීඩකයින් පළඳිනවාට වඩා හාත්පසින්ම වෙනස්‌ ඇඳුමක්‌ අදාළ දඬුවම් ලබන ක්‍රීඩකයාට පැළඳ ගමන් බිමන් යාමට සිදුවීමයි.

මෙම ඇඳුම අදාළ ක්‍රීඩකයාට ගලවනු හැකි වනුයේ තවත් ක්‍රීඩකයෙකු වරදකට හසුවනතෙක්‌ පමණි. මෙම ඇඳුම මතුපිටින් මුම්බායි ක්‍රීඩකයින්ගේ මුහුණු කාටූන් රූප ලෙසින් මුද්‍රණය කර තිබීම විශේෂත්වයක්‌ විය.


අදාළ දඬුවමට පළමුවෙන්ම භාජනය වූ සූර්ය කුමාර් යාදෙව් මුම්බායි ඉන්දියන්ස්‌ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන සමගින් ඡායාරූපයේ දැක්‌වේ.
« PREV
NEXT »

Facebook Comments APPID