BREAKING NEWS
latest

728x90

468x60

99 වැනි විය සමරන ලෙස්ටර්ට මාසික දීමනාවක උපන්දින තෑග්ගක් | Lester James Peries

දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත්කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉටු කළ මෙහෙවර අගයමින් ඒ මහතාගේ වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සඳහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඒ සඳහා කැබිනට් අනුමැතියද ලබාගෙන ඇත.


යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයෙකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ ඊට අදාළ පළමු චෙක්පතද ජනාධිපතිවරයා විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙත පිළිගන්වා තිබේ.

ජාත්‍යන්තර කීර්තිධර සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර, ඒ නිමිත්තෙන් අද (05දා) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපතිවරයා ඔහුට සුබ පැතුම් එක්කරමින් මෙම චෙක්පත පිළිගන්වා ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID