BREAKING NEWS
latest

728x90

468x60

රොමේෂ් සුගතපාලගේ අළුත්ම එක මෙන්න | GOSSIP

වර්තමානය තුළ එළිදක්වන ගීත අතරින්, එක් රැයකින් ජනප්‍රිය වීමට ඉඩකඩ ඇති ගීත ඇත්තේ අතලොස්සකි. ඒ අතලොස්ස අතරේ මොහුගේ ගීතයද නැතිවාම නොවේ. රොමේෂ් සුගතපාල යනු ගීත ලෝකය තුළ විවිධ අත්හදා බැලීම් කරමින් සංගීත ලෝකය වෙනස්ම මානයකට ගෙන යාමට උත්සහ කරන ගායකයෙකි. පසුගිය කාලයේ එවැනි වෙනසක් සිදුකරනු ලැබූ ‘මන්දාකිණි’ ගීතයද එයට හොඳම සාක්ෂියකි. එම කාරණාව නිසාම ඔහු රසිකයන්ට ගීතයක් ලබාදීමට බොහෝ වෙහෙසක් ගන්නා බවත්, ඊට හේතුව තමන්ට මෙම ක්ෂේත්‍රය තුළ වෙනසක් ඇති කිරීමට ඇති අවශ්‍යතාවය බවත් ඔහු පවසයි. එම අභියෝගය, අධිෂ්ඨානය බොහෝ කාලයක් සිට ඔහුගේ ඇති කාර්යයකි.


ඔහුගේ නවතම ගීතය ‘මන්දාරමේ’ ගීතයයි. පසුගියදා එළිදැක් වූ මෙම ගීතය මේ වනවිට බොහෝ රසික ප්‍රතිචාර මැද ජනප්‍රියත්වයට පත්ව ඇත. වර්තමාන ගීත රාමුවෙන් ඔබ්බට ගොස් චිත්‍රපටයක් ලෙස නිර්මණය කර ඇති මෙම මියුසික් වීඩියෝව සඳහා විශාල වෙහෙසක් මෙන්ම, පිරිවැයක්ද දරා ඇති බව මෙම ගීතය නරඹන ඕනෑම කෙනෙකුට දැකගත හැක. එම ගීතයේ ඇති නිර්මාණාත්මක බව, රූපරාමු අතර ඇති වෙනස නිසාම බොහෝ දෙනෙකු මෙම ගීතයට ඇලුම් කරන බව නම් කිව යුතුය.


« PREV
NEXT »

Facebook Comments APPID