BREAKING NEWS
latest

728x90

468x60

ලිංගික සබඳතාව වහගන්න මැරයන් ලවා තර්ජනය කළා නිළියකගෙන් ට්‍රම්ප්ට තවත් චෝදනාවක්‌

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති ලිංගික සම්බන්ධතාවය හෙළි නොකරන ලෙසට ට්‍රම්ප්ගේ මැරයකු විසින් තමන්ට තර්ජනය කරන ලද බවට ඇමරිකානු සරාගී නිළියක වන ස්‌ටෝමි ඩැනියල්ස්‌ විසින් ඇමරිකානු රූපවාහිනී වැඩසටහනකදී චෝදනා කර තිබේ.

ට්‍රම්ප් හා ස්‌ටෝමි ඩැනියල්ස්‌ 2006 වසරේදී කැලිෙµdaනියාවේ පැවති ගෝල්µa තරගාවලියක්‌ අතර තුර හෝටලයකදී ලිංගික සම්බන්ධතාවක්‌ පවත්වා තිබේ.

පසුව 2011 දී මෙම සිද්ධිය ඇතුළත් කතාව සඟරාවකට විකුණා දමන්නට ඇය තීරණය කර ඇති අතර ලාස්‌වේගාස්‌ රථ ගාලකදී ඇය තම දියණිය සමග සිටියදී එහි පැමිණි පුද්ගලයෙකු ට්‍රම්ප්හට පාඩුවේ ඉන්නට ඉඩහරින ලෙස පවසමින් ඇයට තර්ජනය කර තිබේ.

ට්‍රම්ප්ගේ වර්තමාන බිරිඳ වන මෙලනියා සහ ට්‍රම්ප් විවාහ වූයේ 2005 දී වන අතර ස්‌ටෝමි හා සබඳතාවය තිබී ඇත්තේ 2006 වසරේදීය.

අදාළ සඟරාවට ට්‍රම්ප්ගේ නීතිඥවරුන් කළ තර්ජන හමුවේ එම සඟරාව අදාල කතාව පළ කර නොමැත. තමා රථ ගාලේ සිටියදී තමාවෙත පැමිණි මිනිසකු ට්‍රම්ප්ට ඉන්න ඇරපන් ට්‍රම්ප්ගේ සම්බන්ධය අමතක කරපන් මේ පුංචි ලස්‌සන දරුවටත් හොඳ නැහැ එයාගේ අම්මට මොකක්‌ හරි වුණොත් යෑයි තම දියණිය දෙස බලමින් තර්ජනය කර මොහොතකින් නොපෙනී ගිය බව ස්‌ටෝමි ඩැනියල්ස්‌ පැවසුවාය. එවකට විසිහත් හැවිරිදි වියෙහි පසුවූ තමාට ඩොනල්ඩ් ට්‍රම්ප් රාත්‍රී භෝජනයකට ඔහුගේ හෝටල් කාමරයට ආරාධනා කළ බවත් එහිදී තමා ඔහුගේ දියණිය වැනියයි මුලින්ම ඔහු පැවසුවද පසුව තමන් සමඟ ලිංගිකව හැසුරුණු බවත් ඇය රූපවාහිනී වැඩසටහනකදී හෙළි කළාය.
« PREV
NEXT »

Facebook Comments APPID