BREAKING NEWS
latest

728x90

468x60

වැඩිම අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක්කල රට ලෙස ලංකාවට මුල් තැන

2017 වර්ෂයේ ලෝකයේ වැඩිම පිරිසක්‌ නරක පින්තූර අන්තර් ජාලයට එක්‌ කළ රට ශ්‍රී ලංකාව යෑයි ගූගල් ආයතනයේ සෙක්‌ අංශය මගින් වාර්තා කොට ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වන මෘදුකාංග ඉංජිනේරු පැතුම් බුද්ධික මහතා පසුගිය 13 දා අනුරාධපුර පිහිටි කාන්තා පිහිට මධ්‍යස්‌ථානයේදී ලෝක කාන්තා දිනය නිමිත්තෙන් පැවැත්වූ දේශනයකදී පැවැසීය.

එහිදී වැඩිදුරටත් කතා කළ පැතුම් බුද්ධික මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ පරිගණක දැනුම සමස්‌තයක්‌ වශයෙන් සියයට 38 ක්‌ බවයි. ඉන් පුරුෂ පක්‍ෂයේ අය සියයට 89 ක්‌ බවත් කීය. ශ්‍රී ලංකාවේ අප සිටින්නේ ඉතා නොදියුණු තාක්‍ෂණයක බව යෑයි හැඳින්විය.

අන්තර් ජාලය ප්ලාස්‌ත් එකට (උණුවතුර බෝතලයකට) සමාන කරමින් පැමිණ සිටි පිරිස දැනුවත් කළේය. ලංකාවට අන්තර්ජාල පහසුකම් 1980 වර්ෂයේ ලැබුණ අතර එය 1995 වර්ෂය දක්‌වා අක්‍රිව තිබුණ බවත් හැඳින්විය. අන්තර් ජාලයට ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා නම යෙදුව බවත් වැඩිදුරටත් කීය.

දේශනයදී අන්තර් ජාලයේ ආරක්‍ෂාව පිළිබඳවත් මැල්වාය (වෛරස්‌) පිළිබඳවත් පරිගණක අපරාධ පිළිබඳවත් දරුවන්ට අන්තර් ජාලය පාවිච්චි කිරීමට ලබාදිය යුතු අන්දම පිළිබඳව හා සෑම විට දරුවන්ට තමන් ඉදිරියේ නැති මෘදුකාංගය මගින් නිවසේ සාලයේ පරිගණක පාවිච්චි කිරීමට ලබාදිය යුතු යෑයි අවධාරණය කළේය. විශේෂයෙන් සයිබර් හිංසනය පිළිබඳවත් වර්තමානයේ උද්ගතවී ඇති ෙµaස්‌ බුක්‌ ඇතුළු අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කර තිබෙන්නේ පෙර කී සමාජ හිංසනය නිසා බවද පෙන්වා දුන්නේය. එවැනි වරදවල් නොකොට යහපත් පුරවැසියන් හැටියට කටයුතු කරන ලෙසට උපදෙස්‌ දෙනු ලැබීය.

මෙම වැඩසටහන (යූ.එන්.ඩී.සී.) ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වූ අතර, අනුරාධපුර කාන්තා පිහිට මධ්‍යස්‌ථානයේ භාරකාරිනිය වන ආර්.පී.එස්‌. කුමාරි හේරත් මහත්මිය ඇතුළු කාර්ය මණ්‌ඩලය මෙය සංවිධානය කර තිබිණි.
« PREV
NEXT »

Facebook Comments APPID