BREAKING NEWS
latest

728x90

468x60

පෙම්වතුන්ගේ කෙළිමඩලක් වුන මාතර වෙරලතීරය

රජයේ සහ පෞද්ගලික පාසල් රැසක්‌ ඉදිරිපිට ඇති මාතර වෙරළ තීරය ඉතා අප්‍රසන්න ලෙස පෙම්වතුන්ගේ පාරාදීසයක්‌ වී ඇත.

මාතර ප්‍රධාන බස්‌ නැවතුම ඉදිපිරිට සිට කිලෝ මීටරයක්‌ පමණ වන මහා මාර්ගය ආසන්නයේ පවතින මෙම වෙරළ තීරය දිගටම උදය සිට රාත්‍රිය දක්‌වාම පෙම්වතුන්ගේ පෙම් රජදහනක්‌ව තිබීමෙන් ඒ අවට ඇති විදුහල්වලට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම අවට නිවාස හිමියන්ටද මහත් හිසරදයක්‌ වී ඇත.

විදුහල්වල දරු දැරියන් ශරීර සුව ව්‍යායාම සඳහාද මෙම වෙරළ තීරයේ ඇති පිට්‌ටනිය ප්‍රයෝජනයට ගත්තත් එහි කුඩ ඉහලා මුහුණ පමණක්‌ ආවරණය කරගෙන සිටින පෙම්වතුන්ට එම දරුවන් ගැනවත් අනුකම්පාවක්‌ නොදක්‌වා ඉතාමත් ආශීලාචාරව හැසිරීම සාමාන්‍ය සිද්ධියක්‌ බවට පත්වී ඇත.

මෙහි වැඩිපුරම කුඩවලින් මුහුණ වසාගෙන පෙම් සුව ලබන්නේ උපකාරක පෞද්ගලික පන්ති සඳහා එන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බවද ප්‍රදේශවාසීහු පවසති.

වෙරළ තීරය ඉදිරිපිට ඇති විදුහල්වල විදුහල්පතිවරුන් මෙම පෙම්වතුන් ගැන පොලිසිය වෙත කීපවතාවක්‌ම දන්වා ඇතත් මාතර පොලිසිය ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළින් එම අශෝභන හැසිරීම් දිනෙන් දින උග්‍ර අතට හැරී ඇති බවද අසල ඇති වෙළඳ ආයතනවල හිමිකරුවන්ද තම මත ප්‍රකාශ කරමින් පවසති. ප්‍රසිද්ධ වෙරළ තීරයේ මෙසේ අශෝබන ලෙස හැසිරෙන පෙම්වතුන් පොලිස්‌ අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් නොකර පොලිස්‌ ඇප මත මුදාහැරීමට මාතර පොලිසියේ හදිසි වැටලීම් අංශය කාරුණික වෙතොත් පාසල් ජීවිත ගත කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක්‌ යහ මඟට ගත හැකි බවද ප්‍රදේශවාසීහු පවසති.
« PREV
NEXT »

Facebook Comments APPID