BREAKING NEWS
latest

728x90

468x60

එංගලන්ත රාජකීය සිරිත් රජ පවුලටත් හිරිහැරයක්‍ෙ වෙලාලු : Royal Family

වසරතුන්සිය පනහකට අධික කාලයක විදෙස් අධිරාජ්‍යයන්ගේ පාලනයෙන් මිදී ස්වාධින, නිවහල් රටක් බවට පත්වෙලා මේ වසරට අවුරුදු හැත්තෑවක් වෙනවා. මෙහි සැමරුම් උත්සවය පසුගිය හතරවෙනිදා මහත් හරසරින් සැමරුවා. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූවේ බ්‍රිතාන්‍යයේ දෙවෙනි එළිසබෙත් රැජිනගේ බාල පුතාවන එඩ්වර්ඩ්කුමරු සහ ඔහුගේ ආර්යාව වන සොෆී කුමරියයි. මීට කලින් 1998 දී පනස් වෙනිනිදහස් දින උත්සවයට බ්‍රිතාන්‍යයේ කිරුල හිම් චාර්ල්ස් කුමරාත් ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වුණා. අපේ රට වැඩිම කාලයක් යටත්කරගෙන සිටියේ ලන්දේසින්. ඊට පස්සේ තවත් වසර එකසිය පනහක් විතර පාලනය කළේ ඉංග්‍රීසින්. ලන්දේසීන්ට සාපේක්ෂව ඉංග්‍රීසින් අපේ රටේ ගොඩාක් වෙනස්කම්කළා. 

එහෙම කළේ ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා වුවත් තවමත් අපේ රටේ ආර්ථිකයට ඔවුන් ඉතිරිකළ දේවල් ලොකු දායකත්වයක් දරනවා. බදුල්ල බණ්ඩරවෙල, නුවරඑළිය වගේ පැතිවලට ගිහින් බැලුවාම පෙනෙනවා අති දුෂ්කර කඳු මුදුන්වල තේවවන්න සිය රටින්, නෑදැයන්ගෙන් වෙන්වෙලා ඇවිල්ලා වසර ගණනාවක් සේවයට කැපවී සේවය කළ ඉංග්‍රීසි ජාතිකයන් සිටි බව. ඔවුන් සෑදූ මහා මාර්ග, දුම්රිය මාර්ග තාමත් අපි භාවිතා කරනවා. ඔවුන්ගේ භාෂාව, අධ්‍යාපන ක්‍රමය නවීන ලෝකයට යන්න අපිට දොරටුව විවර කරලා තියෙනවා. ඔවුන් අපව තලා පෙලා දරදඩු පාලනයක් ගෙන ගියද ඔවුන් අපට ඉතිරි කර ගිය හොඳ දේවල් ද තියෙන නිසා, අපේ නිදහස් සැමරුමට බ්‍රිතාන්‍ය රජ පවුලේ අයට ආරාධනා කරලා අපේ දියුණුව පෙන්නන එකත් හොඳයි. වර්තමානයේ අර බොහෝ වයසට ගිය උදවියත් කලිසම් කොටයක්,කොට සුදු ගවුමක් එහෙමඇඳගෙන පොත් මල්ලකුත් අරන් තමන් ගිය පාසැලට නැවත දවසක යන එකේ බ්‍රිතාන්‍ය රජපවුල තමන්ගේ යටත් විජිතයක්ව තිබූ රටක් බලන්න එන එක ඉතින් වරදක් නොවෙයිනේ. සමාජ ජාල වෙබ් අඩවි තුළ එඩ්වඩ් කුමරාගේ පැමිණීම විවේචනය කරලා තිබුනේ ඔවුන් අපිව යටත් කරගෙන සිටිය ජාතියක් යන පදනම් මතයි.

කෙසේ වෙතත් මේ අයගේ පැමිණීම වෙනදාට වඩා කතාබහට ලක්වුනා. ඒ ඔවුන් පිළිගැනීම සඳහා පත්කළ කමිටුවකින් යැයි කියමින් මහජනතාව දැනුවත් කිරීමට බව පවසා කවුරුන් හෝසමාජ ජාලා වෙබ් අඩවි තුළට මුදාහළ ලියැවිල්ලක් හේතුවෙන්.

එහිදී බ්‍රිතාන්‍ය රජ පවුලේ අයට යටත්වැසි මහජනයා විසින් දැක්වියයුතු හරසර පිළිඹදව කරුණු දක්වා,1972න් පසුවත් ඉංග්‍රීසි සමහර නීති රෙගුලාසි අපේ රටේ වලංගු බව පවසා, පොලිස් අත් අඩංගුවෙන් වැළකී සිටීමට නම් එම උපදෙස් පිළිපදින ලෙස දක්වා තිබුණා. මහජනයා අතර මෙම ලිපිය ප්‍රචාරය වීමත් සමගම රජය සහබ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව නිවේදනය කළේ එය ව්‍යාජ ලියවිල්ලක්බවයි. කෙසේ වෙතත් එහි සඳහන්ව තිබූ දේවල් බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ බ්‍රිතාන්‍ය මහ රැජින තම රාජ්‍යනායිකාව ලෙස පිළිගන්නා ඕස්ට්‍රේලියාව,නවසිලන්තය,කැනඩාව ඇතුලු රටවල් පහලොවක වැසියන්ට නම් යම්අයුරකින් අදාලවන බව අන්තර්ජාලයෙන් සොයාගත හැකි වුණා.

කෙසේවෙතත් රාජකීය පවුලේ සාමාජිකයන්ටත් පිළිපැදිය යුතු විශේෂ රීතීන් රාශියක්වනවා. විශේෂයෙන් රජ පවුලේ කුමාරවරු සමග විවාහවන කුමරියන්ට විවාහයට පෙර ඒසඳහා පුහුණුවක් ද ලබාදෙනවා.

ඒ අනුව රජ පවුලේ කාන්තාවන්ට කකුලක් දනහිස ලඟින් එක උඩ එක තියන්න තහනම්. දනහිස් දෙක සහ වලලු කර එකිනෙකමත සමාන්තරව තබා කකුල් දෙකම එක පසෙකට ඇදකරගෙන ඉඳගැනීම තමා රීතිය. ඒ විතරක්නෙවෙයි, පුටුවේ පිටුපස ඇන්දේ සිට "බිත්තරයක පළල"ඉඩක් සිරුරේ පිටුපසට තියෙනවිදියට තමා ඉඳගන්න ඕනෑ කාර් එකෙන් බහිනකොට දොර අරින්න කලින් දොර අසලම ඉඳගෙන දොර ඇරිය ගමන් ඉක්මනින් බිමට බහින්න ඕනෑ. ඒ සමගම උඩු ඇඳුමේ කරෙන් ලැම පෙදෙස නිරාවරනය වීම වලක්වාගන්නත් අවශ්‍යවනවා.

තේ බොනකොට කෝප්පයේ අඬුව ඔරලෝසුවේ තුනේ ඉලක්කම දෙසට හැරී තිබිය යුතු වනවා. එමෙන්ම කෝප්පයේ අඬුව මාපට ඇඟිල්ලේ සහ දබරැගිල්ලේ තුඩුවලින් අල්ලාගෙන මැදගිල්ල අඬුවයටින් ආධාරකයක් ලෙස තබාගත යුතු වනවා. නමුත් කෝපි බොන විට දබරැඟිල්ල කෝප්පයේ අඬුව තුළින් යවා අල්ලාගත යුතු වනවා. මොනවා බීවත් කෝප්පයේ එකම තැනකට පමණක්කට තැබිය යුතුවන්නේ කෝප්පය වටා ලිප්ස්ටික් තැවරෙන එක නවත්වන්නයි.

කෑම ගැනීමේදී මුහුදු බෙල්ලන් ආහාරයට ගන්නේ නැත්තේ අසාත්මිකවීම් නවත්වන්නයි. ඒවගේම පිහිය දකුනු අතටත් ගෑරොප්පුව වම් අතටත් ගෙන ආහාර අනුභව කළ යුතු අතරගෑරොප්පුවෙන් ආහාර වලට අනින්නේ නැතිව,එහි පිටුපස කොටස උපයෝගී කරගෙන ආහාරනැවත පිඟානට නොවැටෙන ලෙස සමබර කරගනිමින් මුඛය තුළට ගෙන ඒම තමා සිරිත.

පඩිපෙලක්නැගීමේදී හෝ බැසීමේදි රජ පවුලේ කුමාරවරුන් සිය ආර්යාවන්ගේ අතින්අල්ලාගත යුතු අතර එම ආර්යාවන් නිකට පොළොවට සමාන්තරව තබාගෙන කොන්ද කෙලින්තබාගෙන කකුල්වල ඇඟිලි ඉදිරියට මුහුනළා ඇවිදිය යුතු වනවා. ආචාර කිරිමේදී තමාඉදිරියේ සිටින පුද්ගලයාගේ ඇස් දිහා කෙලින් බලා දකුනු අත නොරිදෙන විදියට,නමුත් තදින් අල්ලා වරක් හෝ දෙවරක් පමණක් සෙලවීම කළයුතු වනවා.

රජපවුලටලැබෙන ත්‍යාග පවුලේ සැමට හිමිවනවා. තනිව ත්‍යාග ලබාගන්න ඔවුනටනොහැකියි. එසේම පවුලේ සාමාජිකයන්ට ඔවුන් ඔවුන් සමග නිවස තුළවත් විනෝදයට පවාතරඟ ක්‍රීඩා කරන්න ඉඩක් නැත්තේ මාධ්‍ය ආයතනන විසින් රජපවුලේ "දක්ෂයන්"තේරීම වලක්වා ගැනීම පිණිසයි.

රජ පවුලේ කුමරියන් සියහිස් පළදනාව පළදිනවිට, පැත්තෙන් බලනවිට අංශක 45ක කෝණයක් සිටින ලෙස පැළදියයුතු වනවා. වැදගත් සහ ගෞරවනීයත්වය රැකෙන පරිදි නවීන ඇදුම් මෝස්තර ඇඳියයුතුවීමත් එක් රීතියක්.

ගෞරව කිරීමේදී කුමරියන් එක් කකුලක් පිටුපසට ගෙන. අනෙක් කකුල දනහිස ළඟින් මදක් නවා හිස තරමක් නැවීම කළයුතු වනවා.

රජපවුලේ ඔටුන්න හිමි සාමාජිකයන් දුර ගමන් යෑමේදී එකම වාහනයක ගමන් කරන්නේ නැහැ. ඒ කිරීටයේ උරුමය සතුරන්ගේ ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කරගන්න.

ඉතින් මෙහෙම බලනකොට රජ පවුලට සම්බන්ධවීමත් සාම්ප්‍රදායන් රාශියකට කොටුවීමක්

එඩ්වඩ්කුමරු හඳුන්වන්නේ වෙසෙක්ස් හි අර්ල් වරයා ලෙසයි. මේ නම් කියවෙන විටනම්මතක්වෙන්නේ "රොබින්හුඩ් " කතා පුවතයි. ඒ කතාවේ ඒ අවධියේ දීඑංගලන්තයේ විශ්වාසකළ මිත්‍යා විශ්වාස ගොඩක් ඇතුලත් කර තිබුනා.එවන් අතීතපුරා වෘත්තයක එන කතා පුවතක දැක්වෙන පරිදි, බ්‍රිතාන්‍ය කුලුණේ ජීවත්වන විශාල සිරුරක්සහිත කපුටන් විශේෂයෙන් අවම වශයෙන් කපුටන් හය දෙනෙක්වත් කුලුණේ රැඳීනොසිටිය හොත් බ්‍රිතාන්‍ය රජය බිඳවැටෙන බවට වන විශ්වාසය තවමත් ඇති නිසා එමකපුටන් විශේෂය එම කුලුණ මත පවත්වාගෙන යාම සඳහා නිළධාරින් ද පත්කර තිබෙනවා.

මෙවන්සාම්ප්‍රදායන් සහ සිරිත් විරිත් අනුගමනය කරන බ්‍රිතාන්‍ය රජ පවුලේ නියෝජිතයාට, අපේ සාම්ප්‍රදායික උරුමය පෙන්වන නිදහස් දින සංදර්ශනයට "ලැප්ටොප් වන්නම" සහ "දුරේක්ෂ සවරම" ඇතුලත් කොට අපගේ උරුමයන් ගැන මවිත කරවීමට තිබූ අවස්ථාව අහිමි කිරීම නම් කනගාටුවට කරුණක්.

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
« PREV
NEXT »

Facebook Comments APPID