BREAKING NEWS
latest

728x90

468x60

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන ලංකාවට - Ranil Jayawardena

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 15 වැනි දා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස රනිල් ජයවර්ධන මහතා ඊයේ (7) පත්වීම් ලැබූ අතර එම පත් කිරීමෙන් පසු හෙතෙම මෙලෙස පැමිණේ.

ඔහු සිය ශ්‍රී ලංකා සංචාරයේදී ලංකාව සහ බි‍්‍රතාන්‍යය අතර වෙළඳාම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙරට රජයේ ඉහළ පෙළේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව ද බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ජයවර්ධන මහතා ලබන 17 වැනි දා තෙක් දිවයිනේ රැඳී සිටින අතර .ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන බි‍්‍රතාන්‍ය සර්ව පාක්ෂික පාර්ලමේන්තු කණ්ඩායම් සභාපතිත්වයද ඉසුලනු ලබයි.
« PREV
NEXT »

Facebook Comments APPID