BREAKING NEWS
latest

728x90

468x60

Politics Gossip : දෛවඥ නෝනට ඇමතුමක් - මේපාරත් අගමැති පට්ටම ලගටම ඇවිත් ගහල ගියානෙ

නිමල හදක් ඇතිව අගමැතිකම බාරගන්න සූදානමින් හිටපු ඇමැතිතුමා රටේ සුප්‍රකට දේශපාලන දෛවඥ නෝන කෙනකුට කතා කළේ බොහෝම කලකිරීමෙන්...


තවත් වතාවක් අගමැති පට්ටම උන්නැහේගෙ අතටම ඇවිල්ලා ගහලා ගිය එක ගැන එයා හිටියෙ කනස්සල්ලෙන්.


තමන්ගෙ කලදවස ගැනත් කරපු බාරහාර යාග හෝම ගැනත් තට්ටෙ ගාලා කරපු විශේෂ පූජාව ගැනත් උන්නැහේ කළේ මෙයාලගෙ දෛවඥ උපදෙස් අනුවයි.

බලන්නකො අරගොල්ලො අපට ඕන විදියට උදව් කළේ නැහැනේ... ඇමැතිතුමා ආඩපාලි කිව්ව. ඊට පස්සෙ දෛවඥ තැන උන්නැහේට මේ ඉරණම අත්වෙන්න බලපාපු හේතු කාරණා ශාස්ත්‍රානුකූලව විස්තර කරල දුන්නලු...

ඒ විග්‍රහයෙදි උන්නැහේගෙ දේශපාලන ජීවිතේ ධන - ඍණ වැඩ ගැනත් සඳහන් වෙලා. දෛවඥ නෝනා ඒව කියාගෙන එනකොට අපි පස්සෙ කතා කරමු කියලා ඇමැති තැන දුරකතනය විසන්ධි කළාලු.
« PREV
NEXT »

Facebook Comments APPID