BREAKING NEWS
latest

728x90

468x60

අසනීප වී දැල්පන්දු පුහුණුවට නොපැමිණි සිසුවියට ක්‍රීඩා ගුරුවරයා අසභ්‍ය වචනයෙන් බැනවැදී කනේ පහරක්‌ ගහලා

අසනීප වීමෙන් දැල්පන්දු පුහුණුවට සභභාගි වීමට නොහැකි වූ ශිෂ්‍යාවකට ක්‍රීඩා ගුරුවරයකු පහරදීම නිසා එම ශිෂ්‍යාව ගම්පොළ ශික්‌ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.

කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් නුගවෙල නයාපාන විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට මෙසේ එම ගුරුවරයා පහරදී තිබේ.

ගම්පොළ මාවතුර කළුගල්හින්න ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාව කලාප තරග සඳහා දැල්පන්දු කණ්‌ඩායමට ඇතුළත්ව පුහුණුවීම් කරන අතර ඇය අසනීප වීම නිසා පුහුණුවට නොසිට පාසල ඇරුනු පසු නිවසට ඒමට සූදානම්ව ඇත.

එහිදී මෙම ගුරුවරයා ඇයගේ කනට ගසා අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති අතර ඕනෑ පොලිසියකට ගියාට බය නැති බව ද පවසා ඇත.

පහර කෑමෙන් කන තුළ ඇතිවූ අධික වේදනාව නිසා මෙම සිසුවියගේ මව ත්‍රිරෝද රථයකින් ඇය ගම්පොළ රෝහලට රැගෙන ගිය පසු වෛද්‍යවරු ඇය පරීක්‍ෂා කර බලා රෝහලේ නවතා තිබේ.

මෙම ගුරුවරයා මීට පෙරද ළමයකුට පහරදීමක්‌ නිසා නඩුවක්‌ විභාග වන බව ද පැවසෙන අතර මොහු ක්‍රීඩා හා ගණිතය යන විෂයන් ඉගැන්වීම සිදුකරමින් සිසුන්ට දැඩි දඬුවම් පමුණුවන බවද පැවැසේ.

සිද්ධිය පිළිබඳ රෝහල් පොලිසිය කට උත්තර රැගෙන ඇති අතර ඇගේ භාරකරුවන් මේ සම්බන්ධයෙන් පුස්‌සැල්ලාව පොලිසියට ද පැමිණිලි කොට තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID