BREAKING NEWS
latest

728x90

468x60

අත්බෝම්බය සාක්කුවෙන් බෑග් එකට දාද්දී පිපිරුවා - බෝම්බය ගෙනා සෙබළාගේ කකුලත් කපලා



දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී මගී බස් රථයක් තුළ පසුගියදා (21) අලුයම පුපුරා ගියේ හමුදා සෙබළකු විසින් යාපනයේ සිට ගෙන එන ලද අබෝම්බයක් බව මේ වනවිට සිදු කර තිබෙන පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ. සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන යාපනයේ සිට රැගෙන පැමිණි එම අත් බෝමිබය සාක්කුවෙන් පිටතට ගෙන සිය ගමන් මල්ලට දැමීමට සූදානම් වූ අවස්ථාවේ. සිදු වු අත්වැරදීමකින් බෝම්බය පුපුරා ගොස් ඇති බව අනාවරණය වී ඇත.



සාක්කුවෙන් බෝම්බය පිටට ගන්නා අවස්ථාවේ “පින්” එක ගැලවී එය ඔහු අසුන්ගෙන සිටි ආසනය යටට වැටී තිබෙන බවද වාර්තාවේ.එම බස් රථයේ ඒ වන විට ගමන් කරමින් සිටි යුද හමුදා පොලිස් නිලධාරියක් සහ සිවිල් කාන්තාවක් සියල්ල දැක ඇති බවත්, ඔවුන් ඒ බැව් පොලිසියට පවසා ඇති බවත් වාර්තාවේ.



බෝම්බය මේ ආකාරයට මාරු කරන්නට ගිය සෙබළාට මේ නිසා බරපතල හානි සිදුවූ අතර ඔහුගේ පාදයක් කපා ඉවත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම බෝම්බය එම සෙබළා යාපනයේ ඔහු සේවය කළ කඳවුරෙන් සොරාගෙන එන්නට ඇතැයි සැක කෙරේ. ඒ සම්බන්ධයෙන් සෙබළාගෙන් ප්‍රශ්න කිරීට නියමිත නමුත් අසාධ්‍ය තත්වය නිසා තවම ප්‍රකාශයක් ලබාගෙන නැත.


වැඩිදුර විමර්ශන සඳහා රස පරීක්‍ෂක කැඳවීමට පොලීසිය පියවර ගෙන තිබේ. බෝම්බය පිපුරුණ අවස්ථාවේ මගීන් 30 දෙනකු බස් රථයේ සිට ඇත. ඉන් 19 දෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ අතර යුද හමුදාවේ සෙබළුන් හතර දෙනකු සහ ගුවන් හමුදා සෙබළුන් පස් දෙනකු එහි සිටි බව වාර්තා විය.
මෙම බස් රථය දෛනිකව බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ධාවනය කර දියතලාවේ සිට බදුල්ල හරහා මහියංගණය දක්වා ධාවනය කරන්නකි.


යාපනයේ සිට පැමිණි හමුදා භට පිරිස් ඇතුළු මගීන් පිරීසක් බණ්ඩාරවෙල නගරයේ දී මෙම බස් රථයට නැග ඇති බවත් ඔවුන් දියතලාව දක්වා ගමන් ගෙන ඇති බවත් පොලිසිය කියයි. පිපිරීමක් සමග බස් රථය තුළ විශාල ගින්නක් හටගෙන ඇති අතර යුදු හමුදාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් ඒ වන විට බස් රථයෙන් වැඩි කොටසක් පිලිස්සී තිබිණි.
« PREV
NEXT »

Facebook Comments APPID