BREAKING NEWS
latest

728x90

468x60

පූසා මැරුවාට ධනවත් කත දොස්‌තරට එරෙහිව පොලිසියට

විදේශගත වීමේදී බලාකියා ගැනීමට පශු වෛද්‍යවරයකු වෙත ලබාදුන් මලයාසියා වර්ගයට අයත් බළලා මරණයට පත් කළැයි එම වෛද්‍යවරයාට එරෙහිව ධනවත් කාන්තාවක්‌ පැමිණිල්ලක්‌ කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ කාන්තාවක්‌ රුපියල් හතළිස්‌ දහසක්‌ පමණ වටිනා මලයාසියා වර්ගයට අයත් බළලකු ඇතිදැඩි කරන අතර ඇය ඉකුත් දෙසැම්බර් මස 22 වැනිදා විදේශ සංචාරයක යෙදීමට නියමිතව සිටියාය.

එනිසා ඇය එනතෙක්‌ බළලා රැකබලා ගන්නැයි කාලයක සිට බළලාට ප්‍රතිකාර ලබාදෙන පශු වෛද්‍යවරයා වෙත ගොස්‌ ඇය ඉල්ලීමක්‌ කර ඇත.

එම ඉල්ලීමට වෛද්‍යවරයා එකඟ වූ අතර කාන්තාව විදේශගත වූවාය.

දින දහයකට පමණ පසු මෙරටට පැමිණි කාන්තාව බළලා නිවසට රැගෙන ඒම සඳහා වෛද්‍යවරයා වෙත ගිය අවස්‌ථාවේ බළලා හදිසියේ මීට දින තුනකට පෙර මියගිය බවත් බළලා වළදැමූ බවත් ඔහු පවසා ඇතැයි පොලිසිය කියයි.

බළලා මියයාම සම්බන්ධයෙන් කාන්තාවගේ පාර්ශ්වයෙන් තර්ජනය කළ බවට වෛද්‍යවරයා ද පැමිණිල්ලක්‌ කර ඇති බව පොලිසිය කියයි.

පාර්ශ්ව දෙකම පොලිසියට කැඳවීමෙන් පසු මියගිය බළලා වෙනුවට බළලෙක්‌ ලබාදීමට වෛද්‍යවරයා එකඟවී සිද්ධිය සමථයකට පත්වූ බව පොලිසිය කියයි.

කැස්‌බෑව - ලෙනාඩ් ජයසේකර
« PREV
NEXT »

Facebook Comments APPID