BREAKING NEWS
latest

728x90

468x60

තොණ්‌ඩමනාරු ධීවරයන්ට නාඳුනන වස්‌තුවක්‌ හමුවෙයි

යාපනයේ තොණ්‌ඩමනාරු ප්‍රදේශයේ ධීවරයන් පිරිසකට කිලෝග්‍රෑම් 40 ක්‌ පමණ බරැති හඳුනා ගැනීමට නොහැකි වස්‌තුවක්‌ හමුවී තිබේ.

ධීවරයන් විශ්වාස කරන්නේ මෙය විශාල මත්ස්‍යයකුගේ කොටසක්‌ බවයි. මෙම අරුම පුදුම වස්‌තුවෙන් විශාල දුගඳක්‌ හැමීම නිසා එසේ පවසන බව ප්‍රදේශවාසීහු කියා සිටිති.

මේ පිළිබඳව යාපනයේ ධීවර අධ්‍යක්‌ෂ කාර්යාලයට තොරතුරු දැනුම් දී ඇති අතර යාපනය ධීවර අධ්‍යක්‌ෂ කාර්යාලයේ නිලධාරීන් මේ වස්‌තුව ඔවුන්ගේ කාර්යාලයට රැගෙන විත් එය කුමක්‌දැයි හඳුනා ගැනීමට කටයුතු යොදා තිබේ.

« PREV
NEXT »

Facebook Comments APPID