BREAKING NEWS
latest

728x90

468x60

සුද්දාගේ ඕඩරයට දුම්බර හෑරූ කෝටිපතියා මාට්‌ටු

පොළොව අභ්‍යන්තරයේ පවතින ඉපැරැණි අකුණු සන්නායක තැටියක්‌ ලබාදෙනු ලැබුවහොත් රුපියල් කෝටි 15 ක්‌ ලබාදෙන බවට එංගලන්ත ජාතිකයකු ලබාදුන්නා යෑයි කියනු ලබන කොන්තරාත්තුවක්‌ මත දුම්බර වනපෙත තුළ පිහිටි භූමියක්‌ කණිමින් සිටි කෝටිපති ව්‍යාපාරිකයෙක්‌ සහ සහායකයෝ තිදෙනෙක්‌ දඹුල්ල විශේෂ කාර්ය බළකාය විසින් ඉකුත් 20 දා සවස අත්අඩංගුවට ගනු ලැබූහ.


විදුලිය සපයමින් කණිමින් තිබූ මීටර් 20 පමණ දිගැති දෙකට බෙදුණු උමඟක්‌ තුළ සේවය කරමින් සිටි කම්කරුවෝ දෙදෙනෙක්‌ ද ඒ අතර වෙති.

පොලිස්‌ කණ්‌ඩායම වන සංරක්‍ෂණ නිලධාරීන් සමඟ උපාය දූතයින් ලෙස පැය 4ක පමණ දුෂ්කර ගමනකින් පසු අදාළ ස්‌ථානයට ළඟාවී තිබුණි.

කැණීම සඳහා යොදාගත් අධිබල පුපුරන ද්‍රව්‍ය, විදුම් උපකරණ, ජල විදුලි යන්ත්‍ර ඇතුළු උපකරණ තොගයක්‌ මෙන්ම ශාන්තිකර්ම සිදුකිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය රැසක්‌ද එහි තිබී පොලිසියට හමුවී ඇත.

නාඋල - නිමල් කණහැරආරච්චි
« PREV
NEXT »

Facebook Comments APPID