BREAKING NEWS
latest

728x90

468x60

මහරගම පිළිකා රෝහලේ යන්ත්‍ර සූත්‍ර නෑ,පරණයි,වේටින් ලිස්ට් – වේදනාවෙන් කෑ ගසන අපේම ජනතාව වෙනුවෙනි

රෝගවලට ගොදුරුව මියයන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ලැබී ඇති තොරතුරු අනුව වාර්ෂිකව වැඩිම පිරිසක්‌ මිය යන්නේ හෘදයාබාධ නිසාය. ඉන් පසු මියයන්නේ පිළිකා රෝගය නිසාය. පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන පරිදි වසරකට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 15,000 ක්‌ පිළිකා රෝග නිසා මරණයට පත්වෙති.

සෑම වසරකම අලුතින් පිළිකා රෝගීන් 16,000 ත් 20,000 ත් අතර පිරිසක්‌ හඳුනා ගැනෙන බවද විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කරයි.2013 වසරේදී ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් 25,515 ක්‌ ලියාපදිංචිව සිටි අතර 2014 වසරේදී එය 26,341 දක්‌වාද 2015 වසරේදී 28,474 දක්‌වාද ලියාපදිංචි පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස්‌ තිබුණි.

ඒ අනුව දිනෙන් දින අප රටේ පිළිකා රෝගයට ගොදුරු වන පිරිස ඉහළ යන්නට පටන් ගෙන ඇත.

ශ්‍රීලංකාවේ ජාතික පිළිකා ආයතනය වන මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝගීන්ගේ රෝග නිර්ණයට සහ පසු විපරම් ප්‍රතිකාර සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රජයේ ප්‍රමුඛතම රෝහල වේ. අප විසින් සියලුම වර්ග වල පිළිකා හඳුනා ගැනීම සඳහා අවශ්‍ය රෝග විනිශ්චය පහසුකම් මෙන්ම, ශල්‍යාගාර ප්‍රතිකාර සහ විකිරණ විශේෂිත සේවාවන් සපයනු ලබයි. අප සමග විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක්, අනෙක් සාමාන්‍ය වෛද්‍යවරු, හෙදියන්, ඖෂධවේදීන්, වෛද්‍ය භෞතික විද්‍යාඥයන්, රසායනාගාර කාර්මික ශිල්පීන් හා සුළු සේවකයන් සහිත කාර්‍ය මණ්ඩලයක් සිටින අතර ඔවුන් සමඟ එක්ව සියලුම රෝහල් සේවා කළමනාකරණය කරයි.

එමෙන්ම මේ වන විට මහරගම පිළිකා රෝහලේ ඇති යන්ත්‍ර සූත්‍රවල විශාල අඩුපාඩුවක් පවතින බවත් එම නිසා දිනෙන් දින මිය යන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල යන බවටත් වාර්තා වෙනවා.
පෙට් ස්කෑනර් යන්ත්‍රය.

මහරගම පිළිකා රෝහලට අඩු පාඩුවක් පැවති එහෙත් Fight Cancer Team හා ලංකාවේ මාධ්‍ය දැනුවත් කිරීම මත ලංකා බැංකු 635 ශාඛාවලින් සියලුම ශ්‍රී ලාංකික දායකයන්ගේ දායකත්වය මත මාස 3ක් ඇතුලත පෙට් ස්කෑනර් යන්ත්‍රයක් සඳහා මුදල් එක් රැස්කොට ආණ්ඩුවට බාර දී දැන් මාස 20ක් ගතව ඇතත් එම පෙට් ස්කැනර් යන්තරය තවමත් ලබා දී නැත.. එය ගෙන එන විට තවත් මාසයක්, දෙකක් පමණ ගත වෙනු ඇති බවටයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
* පෙට් ස්කැන් පරික්ෂාවක් සිදු කරන්නේ නම් පෞද්ගලික රෝහලක රුපියල් එක්ලක්ෂ පනස්පන්දහසක් පමණ වෙයි.

පෙට් ස්කැනර් යන්ත්‍රය සඳහා සුවිශාල ජනතා පිබිදීමත් සමග මේ පිළිබඳව කලබල ඇබ්වූ සෞඛ්‍ය ඇමතිවරයා කැබිනට් මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ දැනටමත් පෙට් ස්කැනර් යන්ත්‍රයක් ගෙනවිත් ඇති බවත්ය..එම පෙට් ස්කැනර් යන්ත්‍රයක් සෞදි රජය විසින් පරිත්‍යාග කරන ලද්දකි.

මෙන්න සෞඛ්‍ය ඇමති පාරම්බාපු සෞදි රජය නිකන් දුන් පෙට් ස්කැනර් යන්ත්‍රයේ කතාව.

සෞදි රජය විසින් පරිත්‍යාග කරන ලද පෙට් ස්කැනර් යන්ත්‍රය කොළඹ ජාතික රෝහලට ගෙනවිත් දැනට අවුරුද්දක් පමණ වෙයි..එයද දමා ඇත්තේ (Epilepsy Unit ) මීමැස්මොර රෝගීන්ගේ අංශයට පැය 24ක් ඒසී කාමරයක තබා ගෙන නිකම්ම තබාගෙන සිටියි.

එයට හේතුව වන්නේ මෙම පෙට් ස්කැනර් යන්ත්‍රය තුළට දමා පරික්ෂා කිරීමට මත්තෙන් FDG නම් එන්නතක් (ISOTOP) විදීමට සිදුවන අතර විනාඩි 45ක් ගිය පසු එහිදී එන්නත ලේ හා මුසු වී ශරීරය හා පෙට් ස්කැනර් යන්ත්‍රය ක්‍රියා කිරීමට පටන් ගනියි.
එම එන්නත සිංගප්පුරූවෙන් හෝ ඉන්දියාවෙන් ගෙන්වීමට නියමිතව ඇතත් තවමත් අවුරුද්දක් ගත වී ඇතත් එම එන්නත් ගෙනත් නැති බැවින් පෙට් ස්කැනර් යන්ත්‍රය නිකම්ම ඔහේ පවතියි.
සී ටී ස්කැනර් යන්ත්‍රය.

දැනට මහරගම පිළිකා රෝහලේ ඇති සී ටී ස්කැනර් යන්ත්‍රය අවුරුදු 15ක් පමණ පරණ තාක්ෂණය අතින්ද පිරී ඇති යන්ත්‍රයකි. එය ඇනලොග් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍රයක් වන අතර එහි ස්ලයිසස් (SLICES) 6 තාක්ෂණය පමණක් වේ.දැනට ලෝකයේ ස්ලයිසස් (SLICES) 64 – 128 – 256 තාක්ෂණය සහිත සී ටී ස්කැනර් යන්ත්‍ර ලෝකයේ බොහෝ රටවල භාවිතාකරයි.

(ස්ලයිසස් (SLICES) ) යනු : මිලිමීටරයකට හරස් කඩ.
(කැමරාවේ මෙගා පික්සල් මෙන් සී ටී ස්කැනර් යන්ත්‍රයේ ලබා ගන්නා පින්තූර වල කොලිටිය බලා ගන්නේ ස්ලයිසස් මගිනි)

එය තවත් පැහැදිලි කරන්නේ නම්, පිළිකා සෛල ඇත්දැයි බලා ගැනීමට පින්තූරයක් ගෙන එහි හරස්කඩ මිලිමීටරයකට 6 ක් පමණ කැපී අංශු පෙන්වයි..

දැන් බොහෝ රටවල තියෙන වැඩි දියුණු කල සී ටී ස්කැනර් යන්ත්‍ර වලින් මිලිමීටරයකට 64ක්, 128, 256ක් පමණ කැපී ඉතා සියුම් පිළිකා අංශු පවා පෙන්වීමට සමත්කම් දක්වයි.. එහෙත් නැවතත් සිහිපත් කරන්නේ මහරගම පිළිකා රෝහලේ ඇති සී ටී ස්කැනර් යන්ත්‍රය අවුරුදු 15ක් පමණ පරණ තාක්ෂණය අතින්ද පිරී ඇති යන්ත්‍රයකි. එය ඇනලොග් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍රයක් වන අතර එහි ස්ලයිසස් (SLICES) 6 තාක්ෂණය පමණක් වේ.

* මෙහි මිල වන්නේ රුපියල් කෝටි 7,8ක් වන අතර කොළඹ පිහිටි බොහෝමයක් පෞද්ගලික රෝහල් වලම මෙය භාවිතා කරයි.

එහි අය කරන මිල වශයෙන් රුපියල් 20000ක් 25000ක් පමණ අය කරනු ලබයි.
MRI ස්කැනර් යන්ත්‍රය.

MRI ස්කැනර් යන්ත්‍රයක්වත් මහරගම පිළිකා රෝහලේ නොමැති අතර පරික්ෂාව සඳහා සියලුම රෝගීන්ව යොමු කරන්නේ කොළඹ ජාතික රෝහලට වන අතර එහිදී පොරොත්තු ලේඛනයක සිටීම සිදුවී පිළිකා රෝගී තත්වය තවත් උස්සන වෙන කාලය වන තෙක් රෝගීන්ට බලා සිටීමට සිදුවී ඇත. එහිදීද මාසයකට පිළිකා රෝහලට ලැබී ඇත්තේ 10 දෙනෙකුව පරික්ෂා කිරීමේ කෝටාවකි. එම නිසා රෝගීන්ට අවුරුදු 2,3 බලා සිටීමට සිදුව ඇත.
* MRI පරික්ෂාවක් සිදු කරන්නේ නම් පෞද්ගලික රෝහලක රුපියල් හතලිස් දහසක්, පනස්දහසක්පමණ වෙයි.

ජාන විද්‍යාගාරය (Genetic Laboratory).

දැනට මහරගම පිළිකා රෝහලේ ජාන විද්‍යාගාරයක් පවා නොමැති අතර පිටින් එවැනි පරික්ෂාවක් සිදු කරන්නේ නම් රුපියල් අනූ දාහක් පමණ වැයවේ.

Bron Cos Fcope (බ්‍රොන් කොස් ෆ්කොප් ටෙස්ට්) පරීක්ෂණය :

* බ්‍රොන් කොස් ෆ්කොප් පරික්ෂාවක් සිදු කරන්නේ නම් පෞද්ගලික රෝහලක රුපියල් පහලොස්දහසක්,විසිදහසක් පමණ වෙයි. එයද දවසින් දෙකෙන් පමණ ගැනීමට හැකිය.
එහෙත් මුදල්නැති කමින් මෙම පරීක්ෂණය නොමිලේ කරගැනීමට මහරගම පිළිකා රෝහලේ රෝගීන් මාස 2 ක්3ක් පොරොත්තු ලේඛනයේ සිටියි..පරීක්ෂණ සිදු කරගැනිමට මත්තෙන් මිනිසුන් නිරපරාදේ මිය යයි.

ඇයි මෙවැනි යන්ත්‍ර දෙකක්, තුනක් ගෙන එන්නට මේ ආණ්ඩුවලට නොහැකි..? ගෙනවිත් මේ මරණ මංචකයේ සිටින මිනිසුන් මුදවා ගැනීමට නොහැකි..?
COLONOSS SCOPE පරීක්ෂණය.

COLONOSS SCOPE පරික්ෂාවක් සිදු කරන්නේ නම් පෞද්ගලික රෝහලක රුපියල් විසිදහසක්, විසිපන්දහසක් පමණ වෙයි.

එහෙත් මුදල්නැති කමින් මෙම පරීක්ෂණය නොමිලේ කරගැනීමට මහරගම පිළිකා රෝහලේ රෝගීන් මාස 3 ක් 4ක් පොරොත්තු ලේඛනයේ සිටියි. මහරගම පිළිකා රෝහලේ ඇත්තේද එකම එක යන්ත්‍රයකි. පරීක්ෂණ සිදු කරගැනිමට මත්තෙන් මිනිසුන් නිරපරාදේ මිය යයි.
රේඩියෝ අයඩීන් පරීක්ෂණය.

ගෙල පිළිකා ආශ්‍රිතව පරීක්ෂණ කිරීම සඳහා මෙම රේඩියෝ අයඩීන් පරීක්ෂණය සිදු කරන අතර පෞද්ගලික රෝහලක නම් මේ සඳහා රුපියල් ලක්ෂයක් පමණ වැයවෙයි..

එහෙත් මුදල්නැති කමින් මෙම පරීක්ෂණය නොමිලේ කරගැනීමට මහරගම පිළිකා රෝහලේ රෝගීන් මාස 8 ක් 10ක් පොරොත්තු ලේඛනයේ සිටියි..පරීක්ෂණ සිදු කරගැනිමට මත්තෙන් මිනිසුන් නිරපරාදේ මිය යයි.

ENDOS Copy එන්ඩොස් කොපි.

එන්ඩොස් කොපි යුනිට් එක ඇල්මැරිලා.. මෙයට හේතුව වන්නේ එන්ඩොස් කොපි පරීක්ෂා කරන යන්ත්‍රයද දැන් කල් ඉකුත් වී ඇත. නවීන තාක්ෂණයට යායුතු නිසාය.
Ultrasound scanner යන්ත්‍රය.

අල්ට්‍රා යන්ත්‍රයද අවුරුදු 12ක් 15ක් පරණ යන්ත්‍රය.

මේ ඉහතින් සඳහන් කර සිටියේ ලංකාවට තිබෙන එකම ජාතික පිළිකා රෝහලේ වර්තමාන තත්වයයි. කල්පනා කර බලන්න දේශපාලකයන් වෙනුවෙන් අපේ රට කෙතරම් ජනතාවගේ මුදලක් වැය කරනු ලබනවාද..? පිලිකාවෙන් බැට කන සියලු ශ්‍රීලාංකික සහෝදර,සහෝදරියන් ඇතුලු දුවා දරුවනි.
පිළිකා රෝහල් මවගෙන් ප්‍රතිකාර ගන්නා නුඹලාගේ වේදනාවේ කෙඳිරිලි හඬ අපහට හොඳටම ඇසෙයි..ඒ වගේම දැනෙයි..නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ පිලිකා රෝහලක් වෙනුවෙන් මේ කරන දැනුවත් කිරීමට යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි අපගේ සම්පූර්ණ විශ්වාසයි..

මෙම පුවත හැකිතාක් ශෙයා කරන්න..

එකතුවෙන්න මහරගම පිළිකා රෝහලේ මෙම අත්‍යවශ්‍ය යන්ත්‍ර ලබා ගැනීම සඳහා කරනු ලබන සත්කාරයට.

සමීක්ෂණ වාර්තාවලට අනුව 2020 දී ශ්‍රී ලංකාවේ අංක 1 රෝගය බවට පත්වීමට සැරසෙන පිළිකාව වර්ධනයවීම වැලැක්වීම සදහාත් ,මහරගම ජාතික පිළිකා ආයතනය ට උපකාර කිරීමට හා ප්‍රචලිත කිරීමේ අරමුණින් හා දකුණු ආසියාවේ හොදම පිළිකා රෝහල බවට ප්‍රවර්ධනය කිරීමේ දැක්මකින් යුක්තව සිටින්නෙමු.

*MRI scanner

*CT scanner

*එන්ඩොස් කොපි ඒකකය

*වර්ණාවලි රේඛා

*කොනස්කෝප්ස්

*Ultrasound scanner

*ජාන විද්‍යාගාරය

*රේඩියෝ අයඩින්

*ගිලන් රථ ආදී තවත් දේවල්‍ ය.



කරුණාකර අමතන්න.
+94712799648

මෙම පුවත හැකිතාක් ශෙයා කරන්න..
« PREV
NEXT »

Facebook Comments APPID