BREAKING NEWS
latest

728x90

468x60

වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට

ප්‍රවීන ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිණි අමේන්ද්‍ර රත්නායක මහත්මිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(09) උදෑසන තංගල්ල පොලිසියට පැමිණීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන ඇත.

තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාලව නීතිඥවරයෙකු මාර්ගයෙන් ඇය මෙලෙස තංගල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.
එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

31 වියැති ඇය තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ බැංකුව තුළ සිදුවූ රුපියල් 9,89,000ක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරු විසින් තංගල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ අනුව අද ඇය නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට බාර වී ඇත.

අද දිනයේ ඇය බාර නොවූයේ නම් ඇය සඟවා තබාගැනීමේ චෝදනාවට ඇයගේ සුප්‍රසිද්ධ සැමියාද අත්අඩංගුවට ගැනීමට ඉඩතිබූ බවත් පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම වංචාව සම්බන්ධ සිද්ධිය පොලිසියට වාර්තාවීමෙන් පසු වසර එකහමාරක පමණ කාලයක් සිද්ධිය යටගසා තිබීම පිළිබඳවද මේ වනවිට පරීක්ෂණ ආරම්භවී ඇත. එම සිද්ධිය යට ගැසීම පිටුපස රුපියල් ලක්ෂ ගණනාවක අල්ලස් ගැනීමේ සිද්ධියක් ඇති බවක් ද මේ වන විට අනාවරණය වී තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID