BREAKING NEWS
latest

728x90

468x60

තිස්සමහාරාමයේදී අපයෝජනයට ලක්වූ දැරිය මිය යයි

තිස්සමහාරාම ප්‍රදේශයේදී තරුණයන් තිදෙනෙකු විසින් අපයෝජනය කළ බව කියන දැරිය (14) හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.


ඇය ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.

ඇය සමග ප්‍රේම සබඳතාවයක් පැවැත් වූ බව කියන තරුණයෙකු තවත් මිතුරන් දෙදෙනෙකුද සමග පැමිණ මත් පැන් පානය කර දැරිය අපයෝජනය කර ඇතැයි පොලිසිය පවසයි.

දින කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය අද මිය ගොස් තිබේ. ඇය විසින් ලියන ලදැයි කියන ලිපියක් ද පොලිසිය සොයාගෙන ඇත.

Jan 13, 2018

මම හිච්චා එක්ක යාළුවෙලා හිටියේ. ඌ මට බොරුවක් කළේ. ඌ තමයි අරුන් දෙන්නට කියලා මාව විනාශ කළේ පෙම්වතා සහ ඔහුගේ මිතුරන් අතින් සමූහ දූෂණය වූ බාලවයස්කාර පාසල් සිසුවිය ලියූ සංවේදී ලිපිය .`

වයස අවුරුදු 14ක පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්වූ සංවෙදී පුවතක් තිස්සමහාරාම, ගෝනගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අදාල සමූහ දූෂණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ ඇගේ 23 හැවිරිදි පෙම්වතාට සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකුටයි. පසුගිය 9 වැනිදා රාත්‍රියේ දැරිය සමූහ දූෂණයට ලක්වන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ. ඔවුන් සැක පලකරන්නේ අදාළ තරුණයින් දැරියගේ නිවස ආසන්න ස්ථානයක මත්පැන් පානය කර, ඉන් පසුව දැරිය දූෂණයට ලක් කරන්නට ඇති බවටයි.

දැරිය දූෂණය වූ දිනට පසු දින ඇය සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිඛෙනවා. ඒ ඇය පදිංචි නිවස පිටුපස පිහිටි කොහොඹ ගසක ගෙළ වැළාගෙනයි. කෙසේ වෙතත් ඇයගේ සොහොයුරා විසින් සිදුවීම දැක ඇයව මුදාගෙන හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිඛෙනවා.

සිය දිවි හානි කර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියූ ලිපියක් ද හමුවී ඇති අතර, තරුණයන් තුන්දෙනා සම්බන්ධයෙන් කරුණු සඳහන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව මෙම තරුණයන් තුන්දෙනා යාල රක්ෂිත ප්‍රදේශයේ සැගව සිටියදී ප්‍රදේශවාසීන් විසින් 11 වනදා අලුයම අල්ලා ගෙන පොලිසියට භාර දී තිඛෙන අතර , ඔවුන් තිදෙනාට ප්‍රදේශවාසීන් විසින් පහර දී තිඛෙන බවද සදහන්.

ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ මෙම තරුණයින් තිදෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ දෙබරවැව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. සැකකාර පෙම්වතා 23 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් තරුණයන් 18 හැවිරිදි සහ 20 හැවිරිදි වියේ පසුවනවා. මෙලෙසින් සමූහ දූෂණයට ලක්වූ දැරිය මේවන විට හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

සියදිවි හානිකර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියූ ලිපියහි මෙලෙස සඳහන් වේ.

මම හිටියේ හොඳින් ඉගෙනගෙන ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවක් වන්න. මට ඒ හීනේ නැතිවුණා. මම මගේ පවුලේ ඔක්කොටොමත් මගේ නෑදෑයින්ටත් ආදරෙයි. මම හිච්චා එක්ක යාළුවෙලා හිටියේ. ඌ මට බොරුවක් කළේ. ඌ තමයි අරුන් දෙන්නට කියලා මාව විනාශ කළේ. මට ගොඩක් දුකයි. මට මගේ පවුලේ අයට ලැජ්ජා කරලා ජීවත්වෙන්න බෑ.
« PREV
NEXT »

Facebook Comments APPID