BREAKING NEWS
latest

728x90

468x60

කුසලධම්ම හිමි ගිලවී අසාධ්‍ය තත්වයේ සිටියදී නාලිකාව කොල්ල කන්න යයි

බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණාගම කුසලධම්ම හිමි අසාධ්‍ය තත්වයේ සිටියදී උන් වහන්සේගේ දේපල සොරා ගැනීමට පිරිසක් උත්සාහගනිමින් සිටින බව වාර්තා වේ.

උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භකරන ලද බෞද්ධයා නාලිකාව මෙසේ කොල්ලකෑමට උත්සාහ කරන ප්‍රධානම දේපල බව පැවසේ.

මීට පෙර භාරකාර මණ්ඩලයක් යටතේ පාලනයවු එම නාලිකාව සිය අයිතියට ගැනීමට මාන බලන කිහිප දෙනෙකු නිසා මෙම තත්වය ඇති වී ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම තත්වය හමුවේ එහි සේවය කළ ප්‍රධාන තනතුරු දැරුවන් කිහිප දෙනෙකු ඉවත් ඇති අතර භාරකාර මණ්ඩලයේ සිටි හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් වැනි අයද ඉන් ඉවත්ව ඇති බව පැවසේ.

මේ අතර, එම නාලිකාවේ කළමණාකර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජයන්ත රත්නායක මහතා හා එහි වැඩ සටහන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නීතිඥ ශෂික ජයතිලක මහතා ද මෙසේ ඉල්ලා අස්ව ඇති අතර ඔවුන්ට පත්වීමේ ලිපියක් නොතිබුණද මේවන විට ඔවුන් සතුව අස්වීමට කරන ලද ඉල්ලීමේ ලිපියක් ඇති බවද වාර්තා වේ.

කුසලධම්ම හිමි අසාධ්‍ය තත්ත්වයේ සිටියද පසුගිය කාලයේදී සිය උවමනා එපාකම් සම්බන්ධයෙන් ලියා පෙන්වීමට එහිමියන්ට හැකියාව තිබුණද මේ වන විට එම තත්ත්වයද නරක අතට හැරී ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
« PREV
NEXT »

Facebook Comments APPID