BREAKING NEWS
latest

728x90

468x60

බැඳුම්කර පත්තරේ කට්ටිය රිවිර හොරකම් කරයි - 50දෙනෙකුගේ රැකියා අවධානමේ

බැඳුම්කර පත්තරය ලෙස ප්‍රකට ජනයුගය පුවත්පත වසා දැමීමෙන් පසු රැකියා අහිමිවූ මාධ්‍යවේදීන් පිරිසක් විසින් හෙට දින සිට 'රිවිර' පුවත්පත සියතට ගැනීමට සුදානම් වන බව වාර්තා වේ.

මේ සමඟ රිවිර පුවත්පතේ සේවය කල 50කට අධික මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකගේ රැකියා අවධානමට ලක්ව තිබේ.

මේ පිරිසට පසුගිය මාස 8ක් පුරා වැටුප් නොගෙවා තිබු අතර මරදාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කාර්යාලය වසා දැමීම හේතුවෙන් පුවත්පත මුද්‍රණය නැවතීමට ඉඩතිබු අවස්ථාවක දී පවා තම වැටුප් පිළිබඳව පවා නොසිතමින් කටයුතු කල පිරිසකි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ මාධ්‍යවේදියෙක් පැවසුවේ මව්බිම පුවත්පත හැරදා 'ජනයුගය' පුවත්පත වෙත අදාළ පුද්ගලයන් ඉවත්ව ගියේ ඉතා නින්දිත ආකාරයට බවයි. එවන් පිරිසකගෙන් මාධ්‍ය සදාචාරය තබා අවම සදාචරයවත් බලාපොරොත්තු නොවිය යුතු බැවින් රිවිර සේවකයන්ට මෙසේ සැළකීම පුදුමයට කරුණක් නොවන බවයි.
« PREV
NEXT »

Facebook Comments APPID