BREAKING NEWS
latest

728x90

468x60

ගණිතය විෂය භාර නිලධාරීන් 50ක්‌ සිංගප්පූරුවේ පුහුණුවකට

ගණිත විෂය භාර නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සිංගප්පූරුවේ පැවැත්වෙන විශේෂ ගණිත පුහුණු වැඩසටහනක්‌ සඳහා එම විෂය භාර නිලධාරීන් පනස්‌ දෙනෙක්‌ තෝරාගෙන ඇත.සිංගප්පූරුවේ ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙය වන මෙම කෙටිකාලීන ගණිත පුහුණු වැඩසටහනට ගණිත විෂය භාර පළාත් හා කලාප අධ්‍යාපන නිලධාරීහු ද ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ද සහභාගි වෙති. 



ගණිත විෂය සම්බන්ධව ලෝකයේ ඉතා දියුණු අධ්‍යාපන ක්‍රමවේද භාවිත කරන රටවල් අතර සිංගප්පූරුව ප්‍රමුඛස්‌ථානයේ වෙයි. සිංගප්පූරුවේ සිසුන් ඉහළ වින්දනාත්මක විෂයක්‌ සේ සලකා ගණිත විෂය හදාරන බවද එම විෂය ඉගැන්වීමේ සහ විෂය සංවර්ධනය කිරීමේ නවීන ක්‍රමවේද මගින් ගණිතය ශ්‍රී ලංකාවේ සිසුන්ට ද ප්‍රිය විෂයක්‌ බවට පත් කිරීම මෙම පුහුණු වැඩසටහනේ අරමුණ බවද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 
« PREV
NEXT »

Facebook Comments APPID