BREAKING NEWS
latest

728x90

468x60

ශ්‍රිලංකාව වෙනුවෙන් නාට්‍යකරුවන් 10ක් ඉන්දියාවට


ඉන්දියාවේ මධ්‍යම ප‍්‍රාන්ත රජය සහ කීර්තිමත් ඉන්දීය රංග කලා මධ්‍යස්ථානයක් වන Encemble Theater Group එක්ව 2017 වසර සඳහා සංවිධානය කරනු ලබන ළමුන් හා තරුණයන් වෙනුවෙන් පවත්වනු ලබන රංග කලා වැඩමුළු මාලාව සඳහා මේ වසරේ ශ‍්‍රී ලංකාවේ Red Apple Theater Gathering කණ්ඩායම තෝරාගෙන ඇත. මේ සඳහා ඉන්දියාව, නේපාලය ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව යන රටවලින් නාට්‍ය කණ්ඩායම් රැසක් සහභාගී වේ.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් එම අවස්ථාව උදාවී ඇත්තේ Red Apple Theater Gathering නාට්‍ය කණ්ඩායමටයි. ළමා නාට්‍යකරණය හා අධ්‍යාපන උදෙසා නාට්‍ය කලාව භාවිතා කිරීම යන තේමාව ඔස්සේ පවත්වනු ලබන මෙම නේවාසික නාට්‍ය වැඩමුළු මාලාවට Red Apple Theater Gathering නියෝජනය කරමින් නාට්‍යකරුවන්ගේ 10 දෙනෙකු සභභාගී වේ. මෙම නාට්‍ය කණ්ඩායම සමඟ Red Apple Theater Gathering අධ්‍යක්ෂ සචිත‍්‍ර රාහුබද්ධ ළමා හා යොවුන් නාට්‍යවේදියාද මෙම සංචාරය සඳහා සහභාගී වන අතර ඇමරිකාව, ජර්මනිය හා ඉන්දියාව නියෝජ්‍ය කරමින් පැමිණෙන ළමා නාට්‍ය විශේෂඥයින් සමඟ වැඩමුළු මාලාව පැවැත්වීමේ සම්පත් දායකයෙකු ලෙස ද ඔහු කටයුතු කරයි.



ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල්වල තවමත් එතරම් ව්‍යාප්ත වී නොමැති රංග කලාව භාවිතා කරමින් ළමුන්ගේ අධ්‍යාපන අරමුණු ඉටු කරගැනීම පිළිබඳ ප‍්‍රායෝගික වැඩමුළු මාලාවක් ලෙස මෙය ක‍්‍රියාත්මක වෙයි. රංග කලාවේ විශේෂාංග භාවිතා කරමින් ළමුන්ගේ මනස නිර්මාණශීලී ලෙස ක‍්‍රියා කිරීමට ඉඩ

සැලසීමත්, සිතන රටාව වෙනස් කිරීමටත්, පෞරුෂ වර්ධනය හා ධානාත්මක සිතුවිලි උත්පාදනය කිරීමටත් ඇති හැකියාව පිළිබඳ පර්යේෂණාත්මක මට්ටමේ වැඩමුළු මාලාවක් වන මේ මගින් ශ‍්‍රී ලාංකික රංග කලා භාවිතය ජාත්‍යන්තර ගමන් මග හා ඒකාත්මික කිරීමට අනාගතයේ මනා පිටුවහලක් වනු ඇත.

රාජ්‍ය සම්මාන ලාභී නාට්‍ය කණ්ඩායමක් වන Red Apple Theater Gathering නාට්‍ය කණ්ඩායමද ළමුන් වෙනුවෙන් නාට්‍ය කලාව භාවිතා කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කරන නාට්‍යය කණ්ඩායමකි. මීට පෙරද ජාත්‍යන්තර වැඩමුළු සම්මන්ත‍්‍රණ හා නාට්‍ය උළෙලයන් රැසකට සහභාගී වෙමින් ගමන් මග මුවහත් කරගත් මෙම කණ්ඩායම මෙවර ශ‍්‍රී ලාංකේය නාට්‍ය ප‍්‍රක්ෂයන් ජාත්‍යන්තර තලයට රැගෙන යාමටත් රාජ්‍යන්තර නාට්‍ය ප‍්‍රවණතා ශ‍්‍රී ලංකාවට අතිග‍්‍රහණය කර ගැනීමත් දරණ උත්සාහයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. දෙසැම්බර් 20 වන දින සිට ආරම්භ වන වැඩමුළු මාලාව ජනවාරි 5 වන දින දක්වා පැවැත්වෙන අතර, දෙසැම්බර් 17 වන දා මෙම සංචාරය සඳහා පිරිස පිටත් වී යයි. ජාත්‍යන්තර සුප‍්‍රකට ළමා නාට්‍ය කරුවකු වන ඇමරිකානු ජාතික Deniel A Kelin ඉන්දීය නාට්‍යවේදී Abdul Lathif Katana, Ujjwal Sinha හා ශ‍්‍රී ලාංකීය ළමා නාට්‍යවේදී සචිත‍්‍ර රාහුබද්ධ විසින් මෙම වැඩමුළුව මෙහෙයවයි.

වැඩමුළුව අවසානයේ රටවල් රැසක නාට්‍යකරුවන් එක්ව නාට්‍ය නිෂ්පාදනයන් කීපයක් සිදුකරන අතර, එම නාට්‍යයන් කලාපයේ රටවල ප‍්‍රදර්ශනය කිරීමට සංවිධායක මණ්ඩලය සූදානම් කොට ඇත. මේ වෙනුවෙන් රටවල් 5ක නළු නිළියන් සමඟ සචිත‍්‍ර රාහුබද්ධ විසින් Laughing Dreams සම්මානනීය ළමා නාට්‍ය ජාත්‍යන්තර නළු නිළියන් සමඟ නැවත නිෂ්පාදනයක් ලෙස සිදුකරනු අතර දේශීය අධ්‍යක්ෂවරයකු විදේශීය රටවල් කීපයක නාට්‍යකරුවන් සමඟ මෙවැනි නිර්මාණ සිදුකිරීම දුර්ලභ අවස්ථාවක් වනු ඇත.





« PREV
NEXT »

Facebook Comments APPID