BREAKING NEWS
latest

728x90

468x60

නිළි නංගිගෙ ටින්ට් කිරිල්ලෙන් අධ්‍යක්ෂකට මලේ මල

අපි පහුගිය සතියෙත් කතා කළේ අද කලා ක්ෂේත්‍රයේ නියැලී සිටින ශිල්පීන් ශිල්පිනියන් බොහෝ දෙනෙකුගේ කැපවීම හා වෘත්තියට තිබෙන ගරැත්වය ගැනනෙ.

මේ පරපුරේ ඇතැම් අයගේ ක්‍රියාකාරකම් ගැන කතා කරලා වැඩක් නැහැ.

ඔන්න පහුගිය දවසක එක්තරා තරැණ නිළියක් දර්ශන තලයට ඇවිත් තියෙන්නෙ කොණ්ඩෙ ටින්ට් කරගෙන. ඒකෙ එයා රඟපාන්නෙ ගැමි කෙල්ලෙක්ගේ චරිතයක්. ඒකෙ ෂූටිං භාගයක් කරලත් ඉවරයි.

අධ්‍යක්ෂකට මල පනින එක අහන්න දෙයක් නෙවෙයිනෙ.

‘ඇයි නංගි මේ වගේ ගොන් වැඩ කරන්නෙ. මේකෙ ෂූටිං ඉවරවෙලා ඔයාගෙ කොණ්ඩෙ ටින්ට් කරගන්න බැරිනම් ඔයාගෙ මූණෙ ටැටූ ඇඳගත්තත් මට කමක් නැහැ. ඒත් මේ වැඩේ අවුල් කරගන්න එපා. අපි කොහොමද කොන්ටිනියුටි තියාගෙන ඔයාගෙ ෂූට් එක ඉස්සරහට ගෙනියන්නෙ...’

අයියෝ ඒක ලොකුවට හිතන්න එපා අයියෙ, ඕකට මොනවා හරි විකල්පයක් හොයාගනියි. ආට් ඩිරෙක්ටර්ට කිව්වොත්,’ කෙල්ල කිව්වලු.

‘මගේ කොණ්ඩෙ ටින්ට් කරගන්න මම කාගෙන්වත් අවසර ගන්න ඕනෙ නැහැනෙ..’ කියාගෙන මේ නිළිය කොස්ටියුම් මාරැකරගන්න ගියාලු.
« PREV
NEXT »

Facebook Comments APPID