BREAKING NEWS
latest

728x90

468x60

ධවල මන්දිරයේ සුපිරි නත්තල

ලෝකයම නත්තල් අසිරියට සැරැසෙද්දී අමෙරිකාවේ ධවල මන්දිරයද කිසිවෙකුටත් නොදෙවැනි අන්දමේ අලංකාර නත්තලකට සැරසුණි. එතෙක් මෙතෙක් සිටි ජනාධිපති ආර්යාවන් අතර හොඳම මෝස්තරකාරියක ලෙස සැලකෙන මෙලානියා ට්‍රම්ප් නත්තල් සැරැසිලි ඇරඹුවේ ඔක්තෝබරයේ සිටය.



සාමාන්‍යයෙන් අමෙරිකාවේ ප්‍රධාන පෙළේ නත්තල් ගස් දෙකක් දක්නට ලැබේ. එයින් එකක් ප්‍රධාන නගරයේ පිහිටුවන අතර එය (කැපිටල් ක්‍රිස්මස් ට්‍රී) ලෙස හැඳින්වෙයි. අනෙක් ප්‍රධාන නත්තල් ගස ධවල මන්දිරයේ දකුණු පස තණබිමේ පිහිටුවාලන ජාතික නත්තල් ගසයි. මෙවර ධවල මන්දිර නත්තල් ගස හෙවත් ජාතික නත්තල් ගස ගෙන ආවේ වොෂින්ටනයේ සිට සැතපුම් 2800ක් ඈතින් පිහිටි වනබිමක සිටය. එය නිල් ස්ප_ස් වර්ගයේ ගසකි. ප්‍රධාන නත්තල් ගස ඉඩාහෝහි ජාතික වනෝද්‍යානයෙන් ලබාගත් අඩි 80ක් උස එන්ගල්මාන් ස්පස් ගසකි.

ධවල මන්දිරයේ ප්‍රධාන ජාතික නත්තල් ගස හැරෙන්නට එය වටා පරිවාර ගස් 57ක් සිටුවා තිබේ. අමෙරිකාවේ ප්‍රාන්ත නියෝජනය වන අන්දමටය.

මෙවර මෙම නත්තල් ගස් සැරැසීම සඳහා 12,000කට වැඩි සැරැසිලි භාණ්ඩ යොදාගෙන තිබේ. අඩි 180,000 දිගැති LED බල්බ මාලාවන් ගස් වටා ඔතන්නට 150ක් පමණ ස්වේච්ඡා සේවකයන් යොදන්නට යෙදුණි. නත්තල් විස්කෝතු 31000ක් විශේෂයෙන් නිපදවා තිබේ. ධවල මන්දිරයේ ජනේල සහ දොරවල් සරසන්නට මල් රීත් 71ක් යොදාගන්නට යෙදුණි. රාත්තල් 350ක් බරැති අලංකාර ධවල මන්දිරයේ අනුරුවක් ඉඟුරු පාන්වලින් තනා තිබුණි. ධවල මන්දිරයේ මේ නත්තල් ගස ආලෝකමත් කරන නිල උත්සවය පැවැතියේ නොවැම්බර් 30දාය. එයට හොලිවුඩ් තරු ඇතුළු ප්‍රභූන් දහස් ගණනක් සහභාගි වූහ. දේශපාලනඥයන් 25000කට ආරාධනා කර තිබුණි. නමුත් කැපිටල් නත්තල් ගස ආලෝකමත් කළේ සය හැවිරිදි පාසල් සිසුවියකි.

උතුරු කොරියාවේ නත්තල තහනම්

අමෙරිකාවේ නත්තලට එසේ සැරැසුනද උතුරු කොරියාවේ නායකයා නත්තලට තහනමක් පනවා තිබුණි. නත්තල් දිනය උතුරු කොරියාවේ සාමාන්‍යයෙන් ආගමික වශයෙන් සැමැරෙන්නේ නැත. ඒ වෙනුවට දෙසැම්බර් 24 උතුරු කොරියානු නායකයාගේ මිත්තනිය මියගිය දිනය ලෙස සැමරුමට ලක්වේ. මේ දින ඇතුළු නත්තල් කාලය තුළ මත්පැන් භාවිතය මෙන්ම ගී ගැයීම සහ නැටීමද කොරියානු නායකයා තහනම් කර ඇත.

ලොකුම නත්තල් ගස

මේ අතර ලෝකයේ නත්තල ඉහළින්ම සරසන නගර ලෙස ප්‍රසිද්ධ ෆින්ලන්තයේ ලැප්ලන්තය, නිවියෝක්, අම්ස්ටර්ඩෑම්, වියානා සහ මියුනිච්වලද අපූරු නත්තල් අසිරියෙන් ආලෝකවත්ව තිබුණි.

ලැප්ලන්තය නත්තල් සීයා, ප්‍රවාදයට ජීවය දුන් රටයි. පිනිමුවන් ගැවැසෙන, හිම වර්ෂාවෙන් පිරුණු එරට සාන්ත ක්ලෝස් ගම්මානය සහ උද්‍යානය ලෝකයේ දස දෙසින් පැමිණි සංචාරකයන් නත්තල් සමයට රොද බැඳගන්නා තැනකි.


නිව් යෝක්, හොලිවුඩ් චිත්‍රපට නිසාම ලෝකයේම ප්‍රසිද්ධ වූ නත්තල් අසිරිය රැගත් නගරයකි. ලෝකයේ උසම නත්තල් ගස පිහිටා ඇත්තේ මෙහිය. එය ජාතික රොකකොලර් මධ්‍යස්ථාන භූමියේ පිහිටා ඇති අතර දෙසැම්බරය පුරා ප්‍රදර්ශනයට ලක්ව තිබේ.

ඇම්ස්ට්ර්ඩෑමයද නත්තල සරුසාර ලෙස සමරණ අතර අඩි 20ක් උසැති අලංකාර නත්තල් ගසක් එහි ඩෑම් චතුරශ්‍රයේ පිහිටුවා තිබේ. වියානාවද නත්තල ඉහළින්ම සමරන්නේය. අපේ රටේ වෙසක් දන්සැල් මෙන් එරට මාර්ග අයිනේ සංචාරකයන්ට ආහාර සපයන ස්ථාන පවතී. පුංචි ප්‍රේස්ට්‍රියක් වැනි කටගැස්මක් සමඟ වයින් වීදුරුවක් හැමෝටම නොමිලේ ඕනෑතරම් ලබාදෙයි.

මියුනිච්හි අඩි 100ක් උසැති නත්තල් ගසක් චිරාත්කාලයක සිට නත්තල් සමයට පිහිටුවයි. ලොකු ට්‍රෑම්වල තබාගන ඉඟුරු පාන්, විස්කෝතු සහ වයින් සැමටම නොමිලේ බෙදාදීම මෙරටේද සිදුවේ.










« PREV
NEXT »

Facebook Comments APPID