BREAKING NEWS
latest

728x90

468x60

හිටපු පෙම්වතියගේ ප්‍රහාරවලට රොෂාන් පිලපිටියගේ බිරිඳගේ මවගෙන් ප්‍රතිප්‍රහාරයක් - මේ මගේ ප්‍රථම හා අවසන් ප්‍රකාශයයි

රොෂාන් පිලපිටියගේ සහ රිද්මාගේ විවාහය ගැන පසුගියදා ආන්දෝලනාත්මක විදියට කතාබහක් ඇතිවුණා.

මේ නිසා සමාජ මාධ්‍යයන්වලද විවිධ මඩ ප්‍රචාර එල්ල වුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රොෂාන් පිලපිටියද අදහස් දැක්වූ අතර ඔහු පවසා සිටියේ සුනලි රත්නායක මෙම ප්‍රචාරයන් ගෙනගිය බවත් ඇයට එරෙහිව නීතිමය පියවර ගන්නට සූදානම් බවත්ය.




එමෙන්ම රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටියද අදහස් දක්වමින් කියා සිටියේ ඔවුන්ට එල්ල වන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේවෙතත් විදේශගතව සිටින රිද්මාගේ මව මාලී දිසානායක තම දියණියට හා බෑණාවන රොෂාන්ට එල්ලවී තිඛෙන චෝදනා සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සඳහන් කර තිඛෙනවා.

එම සටහන පහතින්.

දිගින් දිගටම මගෙ දුවටත් මගෙ පුතා රොෂාන්ටත්, තිලින චතුරංගත් සුනලී රත්නයක නමැති කන්තාවත් මඩ ප්‍රචර ගෙන යන බැවින් ඇත්ත තත්වය එලි කිරිමට කැමැත්තෙමි. තඹුත්තේගම රාජාංගනයේ පදිංචි චතුරංග අපගෙ දුරින් නෑදෑයෙක් වන අතර දුව සමග මසකට අඩු කාලයක් සම්බන්ධයක් ගොඩනගාගෙන එම මස තුලම අනුරධපුර කැරොකි සමාජ ශාලවක් තුල ඇති කරගත් ගටුමක් නිසා ඔහුගෙ නම පුවත්පත් වලද පළවුයෙන් අපි දැඩි ලෙස කම්පනයට පත් වී එම සම්බන්ධය නතර කොට ඔහුට ගෙදරට ඒම පවා තහනම් කර තිබුණා. රොෂාන් පුතා හා මගේ දුවගේ ප්‍රේම සම්බන්ධයට කලක පටන් දෙපර්ශවයෙම නෑදෑයන්ගේ ආශිර්වාදය තිබුණි.

මේ දෙදෙනගේ කැමැත්ත පරිදි ඉතා සරල චාම් ලෙස විවාහ ගිවිස ගැනිමක් සිදුවිණි. එය දැනගත් මොහොතෙ සිට තිලින චතුරන්ගත් සුනලී යන කාන්තවත් ඉතා පරුෂ වචනයෙන් බීමත්ව මට දුරකතන ඇමතුම් කීපයක්ම ලබා දුන්නා.ඒ කත කරපු සියල්ලම මගෙ දුරකතනයෙ පටිගත වී සාක්ෂි වශයෙන් තිඛෙනවා. සුනලී නමති කාන්තවගෙ මවට අසනීප වී සිටි කාලයේ මගෙ දුවද දැනුවත්ව රොෂාන් පුතා හා දුව දෙදෙනම බෑන්ක් එකට ගොස් මුදලින් ලක්ෂ 2 ක් ලබාදුන්නා.එම රිසිට් පත්ද මේ සමග එවමි.

එවැනි උතුම් මනුස්සකම් පිරුනු මනුස්සයෙක්ගෙ නම කැත කිරිමට මේ අය එකතු වී මඩ ප්‍රචාර ගෙන යන්නේ. ඒවගෙම චතුරංග ව්‍යාපාරිකයෙක් නොවන අතර, ඔහුගෙ මව රෙදි මහන අතර පියා කුලි වැඩ කරමින් දිවි ගෙවන පවුලක දෙවෙනි දරුවායි. ඔහු මගෙ දුව අවුරුදු 3 විවාහ වී සිටියා වියදම් කරා කියල බොරු චෝදනා එල්ල කරයි. මම මවක් හටියට බය නැතුව කියනව ඒවා ඔප්පු කරන්න කියල . අපි ගොඩක් කලක සිටන් ලංකාවෙ නෑ විදේශ රටක පදිංචිව සිටින්නෙ. අවසන් වශයෙන් ඉල්ලා සිටින්නෙ මෙවැනි චෝදනා එල්ල නොකරන ලෙසත්, බොරුවට මඩ ගහන්නෙ නැතිව වහාම නීතිය ඉදිරියට ගොස් චෝදනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසයි.

මේ මගේ ප්‍රථම හා අවසන් ප්‍රකාශයයි”
-මාලී දිසානායක-
« PREV
NEXT »

Facebook Comments APPID